BREAKING NEWSEXCLUSIVEPOLITICS

සහල් හිඟයක් ඇති වෙන්නේ නැහැ – ඇමති අමරවීර

රටේ පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය යොදා ගනිමින් ඇතැම් ව්‍යාපාරිකයින් හා ජාවාරම්කරුවන් මහජනතාව අසීරුතාවයට පත් කරමින් අනිසි ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරන නමුත් වෙළෙඳපොලේ සහල් හිඟයක් ඇතිවීමට කිසිදු හේතුවක් නැති බව කෘෂිකර්ම,වනජීවි හා වනසම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පසුගිය මහ කන්නයේ වී අස්වැන්න ඉදිරි මාස හතරකට ප්‍රමාණවත් බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී තොග උපයෝගී කර ගනිමින් ඊයේ සිට වෙළෙඳ පොළ අවශ්‍යතාව පරිදි අවශ්‍ය සහල් තොග නිකුත් කිරීම ආරම්භ කළ බව අමාත්‍යවරයා කියා සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button