BREAKING NEWSEXCLUSIVEPOLITICS

රටට අවශ්‍යව ඇත්තේ පැය 24 ම නොනිදන ආණ්ඩුවක් – සජිත් ප්‍රේමදාස

රටට අවශ්‍යව ඇත්තේ පැය 24 ම නොනිදන ආණ්ඩුවක් බවත්, මේ රට අද වැටී ඇති තත්වයෙන් ගොඩ ගත හැක්කේ වැඩ කළ හැකි ආණ්ඩුවකට පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

නොනවතින ජනතා සේවයකින් රට ගොඩනැගීමේ කාර්යය භාරය ආරම්භ කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා, ආණ්ඩුව කරමින් සිටින්නේ ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කිරීම පමණක් බවද පැවසීය.
ආණ්ඩුව මොනතරම් කයිවාරු ගසමින් බොරු කිව්වද, ඉතා ඉක්මනින් ජනතාවගේ වාරය පැමිණෙන බව පැවසූ විපක්ෂ නායකතුමා, එහිදී ජනතාව නිසි පාඩම ආණ්ඩුවට උගන්වන බව ඒකාන්ත යැයිද පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ ඊයේ පස්වරුවේ කඹුරුපිටියේ පැවති ගොවි ජන හමුවක් අමතමිනි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button