BREAKING NEWSEXCLUSIVEPOLITICS

පැවති ආණ්ඩුවල අඩුපාඩු නිසා ආර්ථික අර්බුදය හටගත්තා – මහා බැංකු අධිපති

දශක ගණනාවක් රට පාලනය කළ ආණ්ඩුවල ක්‍රියාකලාපය හේතුවෙන් ආර්ථික අර්බුදය හටගෙන ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ මෙතෙක් පැවති ආණ්ඩු බොහොමයක් විසින් ඉහළ අයවැය පරතරයක් මත රට පාලනය කර ඇති බවය.

එය පියවා ගැනීම සඳහා විශාල වශයෙන් ණය ගැනීම තුළ එය රටට කළමනාකරණය කරගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇති බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

මේ හේතුවෙන් හටගෙන ඇති ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේ දී දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සිදුව ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.

එහි ප්‍රතිඵල ලෙස පොලී අනුපාතය ඉහළ දැමීම ආදී තීරණ ක්‍රියාත්මක කිරීමට සිදුවන අතර එය සෘජු ලෙස පැනවීම සිදුවන්නේ ආර්ථික අර්බුදයට වගකිව යුතු ආණ්ඩුවලට නොව රටේ ජනතාවට බව හෙතෙම පෙන්වා දෙයි.

මේ හේතුවෙන් අවසානයේ ජනතාව සෘජු බලපෑමට ලක් වන බව කොළඹ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button