BREAKING NEWSEXCLUSIVEPOLITICS

අරගලකරුවන්ට හරි නායකත්වයක් ඉලක්කයක් තිබුණෙ නෑ – ලාල්කාන්ත

මාස හතරක් තිස්සේ පැවති ගාලුමුවදොර අරගල භූමිය ඉවත් කර ගැනීමට අරගලයේ නායකයන් ඊයේ තීරණය කර තිබිණි. ඒ අනුව ඔවුන් රැඳී සිටි කූඩාරම් ඉවත් කර එම භූමියෙන් ඉවත්වීමට අරගලකරුවන් කටයුතු කළේය.

අරගලය ආරම්භ වී මාස තුනක් පමණ ගතවන තෙක් අරගලය සඳහා බහුතර ජනතාවගේ සහාය හිමි වූ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වී අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමෙන් පසුව අරගලභූමියෙන් ඉවත්වීමට අරගලයට සම්බන්ධ පාර්ශ්වය රැසක් විටින් විට කටයුතු කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසන්නේ අරගලකරුවන්ට නිශ්චිත අරමුණක්, නායකත්වයක් නොතිබූ හෙයින් අරගල කරුවන්ට ගෝල්ෆේස්  වලින් ඉවත් වීමට සිදු වූ බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button