BREAKING NEWSEXCLUSIVEPOLITICS

ගල් අඟුරු ටෙන්ඩරය ගැන ඇමති කංචනගෙන් නිවේදනයක්

කෙටි කාලීන අවශ්‍යතා සඳහා ගල්අඟුරු ප්‍රසම්පාදනයට ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව ගල්අඟුරු ප්‍රසම්පාදනය වෙනුවෙන් කෙටි කාලීන අවශ්‍යතා ටෙන්ඩර් කැඳවීම ජාත්‍යන්තර තරගකාරී මිල ගණන් අනුව සිදුකිරීමට නියමිතය
 ලංකා ගල්අඟුරු සමාගමේ ලියාපදිංචි සහ ලියාපදංචි නොමැති මෙම සැපයුම සම්පුර්ණ කළ හැකි ඕනෑම පාර්ශවයකට මේ සඳහා සහභාගී විය හැකිය
 එමෙන්ම අවම දින 180ක ණය කාලයක් සමග සැපයුම සම්පුර්ණ කළ හැකි විය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
එමෙන්ම දීර්ඝ කාලීන ටෙන්ඩරය ද එළැඹෙන සතියේ නිකුත් කරන බව අමාත්‍යවරයාසඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button