ARTICLESBREAKING NEWSEXCLUSIVENEWSPAPER COLUMNSPOLITICSSOCIAL MEDIA PICKS

හරීන් වැඩ අරඹයි! සංචාරකයන් ගෙන්වා ගැනීමට නව වැඩපිළිවෙළක්..

මෙරට නව සංචාරක ආකර්ශනීය ස්ථාන හඳුනා ගනිමින් ඒ සඳහා සංචාරකයන් ගෙන්වා ගැනීම පිළිබඳව නව වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ සඳහා ජනාධිපතිතුමා කැබිනට් අනු කමිටුවක්ද පත් කර ඇති බව අමාත්‍යවරයා 21 පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

මේ දක්වා ශ්‍රී ලංකාව තුළ සංචාරක කලාප 15 ක් ස්ථාපනය කර තිබේ. කල්පිටිය, මීගමුව, ගල්කිස්ස, බේරුවල, මාදුගඟ, උණවටුන, ආරුගම්බේ, පින්නවල, නිලාවේලි, ත්‍රිකුණාමලය, බෙන්තොට, දෙද්දූව, කුච්චවේලි, කල්කුඩා, යාල එම සංචාරක කලාපයි.

මීට අමතරව, ආරුගම්බේ සහ නුවරඑළිය යන ප්‍රදේශවල සංචාරක කලාප හඳුනා ගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සමගින් කටයුතු කරමින් සිටින බන අමාත්‍ හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මීට අමතරව, නාගරික සංවර්ධන අධිකාරිය ඇල්ල ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස ගැසට් මගින් ප්‍රකාශ කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button