BREAKING NEWSEXCLUSIVEPOLITICS

දෙමළ සංවිධාන 06ක තහනම ඉවත් කළේ විදෙස් ආයෝජන ගන්න නෙමෙයි – ඇමති බන්දුල

විදෙස් ගත දෙමළ සංවිධාන 06ක තහනම ඉවත් කරනු ලැබුවේ විදෙස් ආයෝජන ලබා ගැනීමේ අරමුණින් නොවන බව අමාත්‍ය කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා අද  කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේය.

එම අතිවිශේෂ ගැසට් නිවේදනයේ තිබෙන්නේ 1968අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනතේ විධි විධානවලට අනුව ආරක්ෂක අමාත්‍යාංශය විසින් ජාත්‍යන්තර සම්මතයන්ට අනුව ත්‍රස්තවාදී සහ ත්‍රස්තවාදී නොවන සංවිධාන ගැසට් නිවේදන මඟින් ප්‍රකාශයට පත් කිරීම හා ඉවත් කිරීමේ කටයුත්ත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඒ අනුව පසුගිය කාලය තුළ තහනම් කර තිබුණු ජාත්‍යන්තර දෙමළ සංවිධාන 06ක තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව ගුණවර්ධන මහතා කියාසිටියේය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button