BREAKING NEWSEXCLUSIVEPOLITICS

උසස් පෙළ අයදුම්පත් තහනම් කරන්න අපි කියුවම එකඟ නොවුන අය දැන් කකුලෙන් අදිනවා – ස්ටාර්ලින්

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ, ලේකම් ජෝසෆ් ස්ටාලින් ගුරු වර්ජනය ගැන අදහස් දැක්වූවා..

“ඔය සටන පාවාදුන් බව කියන්නේ කවුද? එක්තරා විදුහල්පති සංගමයක පුද්ගලයෙක් ඊයේ කිව්වා. ඔය පුද්ගලයින් තමයි අපි ශිෂ්‍යත්ව, උසස් පෙළ විභාග අයදුම්පත්‍ර ඉදිරිපත් නොකර ඉන්න වෙලාවේ, රජය වෙනුවෙන් ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡා තියලා උසස් පෙළ අයදුම්පත් ඉදිරිපත් කරන්නැයි කියපු අය තමයි මේ කියන්නේ.දැන් අපේ කකුලෙන් අදින්නෙත් එයාලමයි. සටන පවා දුන්නේ මම නෙමෙයි එයාලයි.”

වැටුප් විෂමතාවවලට විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා ගුරු විදුහල්පති සංගම් ඔන්ලයින් ඉගැන්නුම් කටයුතුවලින් ඉවත්ව ආරම්භ කළ වැඩ වර්ජනයට අදට දින 100ක් ගතව තිබේ.

යෝජිත වැටුප් වැඩිකිරීමෙන් තුනෙන් එකක් පළමුවත්, ඉතිරිය ඊළඟ වසරේ දෙවනුවත් වශයෙන් කොටස් දෙකකට ලබාදීමට පසුගිය 12 වැනිදා අගමැති එකඟතාව පළ කළත් වෘත්තිය සමිති සන්ධානය එය ප්‍රතික්ෂේප කරමින් ඔන්ලයින් වර්ජනය අඛණ්ඩව ගෙන යන බව නිවේදනය කළා.

කෙසේවෙතත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ඊයේ (18) තීරණය කළේ එළැඹෙන 25 වැනිදා සිට ඉගැන්වීම් කටයුතු ආරම්භ කිරිම සදහායි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button