GOSSIP NEWSVIRAL NEWS
ශ්‍රියාලතා පෙරේරා සිරගත කරයි – නාටකයට සම්බන්ධ එජාප, ජවිපෙ මන්ත්‍රීවරුන් ගැන හෙළිදරව්වක් .!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලද කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාල සේවක ශ්‍රියාලතා පෙරේරා එළැඹෙන 30දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරන කර ඇත.
පැහැරගැනීමට ලක්වූ බව ලිංගික අඩත්තේට්ටම් වලට ලක් වූ බවටත් චෝදනා කරමින් ශ්‍රී ලංකා රජය අපකීර්තියට පත්කිරීම හා අසත්‍ය ප්‍රකාශ ලබා දීම සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කර තිබේ.
මේ අතර අත්අඩංගුවට පත් ශ්‍රියාලතා පෙරේරා නොහොත් ගානියා බැරිස්ටර් පොලීසියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ නම් ප්‍රකාශ කරමින් පාපොච්චාරණය කර ඇත්තේ තමන්ට මෙම චෝදනාව සිදු කිරීම සඳහා උපදෙස් ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ එම මන්ත්‍රීවරුන් බවය.