GOSSIP NEWSVIRAL NEWS

තානාපති නාටකය හෙළිවේ – අත්අඩංගුවට පත් වීමට බියෙන් ස්විස් එම්බසි ශ්‍රියාලතා සැඟවේ

තමන් පැහැර ගැනීමට ලක්වූවා යැයි චෝදනා කළ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව ශ‍්‍රියාලතා පෙරේරා තමන්ට අසනීප තත්වයක් වැලදී ඇති බව නීතීඥයෙක් මාර්ගයෙන් අධිකරණයට දන්වා තිබේ.

ඒ හේතුවෙන් තමන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරන්නේ නම් කොලඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ දී එය සිදු කරන්නැයිද ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ අදාල තැනැත්තියට අංශභාගය හෝ කකුල බිඳීමක් සිදුව නැති නිසා රහස් පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබාදිය යුතු බවයි.

රහස් පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කර ගන්නා ස්ථානයන් සම්බන්ධයෙන් නියෝග කිරීමට අධිකරණයට හැකියාවක් නැති බවද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් කියා සිටියේය.

එමෙන්ම ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල භූමිය තුළදී ශ්‍රී ලංකා නීතිය ක්‍රියාත්මක වීම ගැටළු සහගත තත්ත්වයක් ඇතිවිය හැකි බවද කී මහේස්ත‍්‍රාත්වරිය අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී.

මේ අතර අද දිනයේ ද පොලිසිය විසින් ඇයගෙන් ප්‍රකාශයක් ලබාගෙන නියමිත අතර තවමත් ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී නොසිට කල්මරමින් සිටින බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button