BREAKING NEWSEXCLUSIVE

ශ්‍රීපාද පිවිසුම් මාර්ගය වසා දැමේ

නව කොරෝනා වෛරසය පැතිර යාම අවම කිරිම සදහා හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ වාහන වලින් සහ දුම්රියෙන් පැමිණෙන සංචාරකයන්ව නල්ලතන්නිය වෙත ඇතුලත් නොකිරිමට හැටන් පොලිසිය කටයුතු කර ඇත.

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම නොතකා දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පසුගිය දින කිහිපය තුලම හැටන් මාර්ගය ඔස්සේ පැමිණිම නිසා නල්ලතන්නිය නගරය වෙත සංචාරකයන් සහ වන්දනාකරුවන් ඇතුල් වන බගවන්තලාව, නොර්වුඩ්, හැටන්, නෝටන්බ්‍රිජ්, කළුගල සහ දියගල යන ස්ථාන වල පොලිස් නිලධාරින් මාර්ග බාධක යොදවා ශ්‍රි පාද වන්දනාවේ වාහනවලින් පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ආපසු හරවා යැවිමට ඊයේ (19) සිට පොලිසිය පියවර ගෙන ඇත.

හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණි හැටන් පොලිස් අධිකාරිවරයා හැටන් දුම්රිය ස්ථානයේ සිට දෙස් විදෙස් සංචාරකයන් නල්ලතන්නිය දක්වා ප්‍රවාහනය කරන ලංගම, පෞද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ සහ වැන් රථ ධාවනය කිරිම නතර කිරිමටද පියවර ගෙන තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button