BREAKING NEWS
චීනයේ කොටු වී සිටිනා ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීම පැය 48ක් ඇතුලත

චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ කොටු වී සිටිනා ශ්‍රී ලාංකික සිසුන් 150 කට අධික පිරිසක් ඉදිරි පැය 48 තුළදී ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු යෙදා තිබෙනවා.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවයි.
ඒ අනුව එම සිසුන් පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ගෙන්වා ගැනීමට නියමිත බව විදේශ සබදතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පවසනවා.
නව කොරෝනා මාරාන්තික වෛරසය සීග්‍රයෙන් පැතිර ඇති වුහාන් ප්‍රාන්තයේ සිට සිචුවාන් ප්‍රාන්තය දක්වා ඇති දුර කිලෝමීටර් 1,349 ක්.
එමෙන්ම නැංගි ප්‍රදේශයේ සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනෙකු කඩිනමින් ගෙන්වා ගැනීමටද අවධානය යොමුවී ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ පැවසුවා.