BREAKING NEWSPOLITICS

දිගින් දිගටම අභූත චෝදනා එල්ල කරන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාව සම්පුර්ණයෙන්ම ඉවත් වීමට සුදානම්

දිගින් දිගටම ශ්‍රී ලංකාවට එල්ල කරන අහිතකර අභූත චෝදනා හේතුවෙන්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීමට ඉදිරියේ දී සාකච්ඡාවක් පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇත .

කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසන්නේ දිගින් දිගටම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට අභූත චෝදනා නගන්නේ නම් එවැනි කොමිසමක රැඳී සිටීම තවදුරටත් ඵලදායක නොවන බවයි.

ඊයේ දින පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළ අතර,
පසුගියදා ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් 30-1 යෝජනාව ඉවත් කරගැනීමට පියවර ගත්තේ කවුන්සලයේ ඉවත් වීමට අදාළ මූලික පියවරක් වශයෙන් බවත් ඒ මහතා පැවසීය.

මානය හිමිකම් කවුන්සිලය පෙර ලෙසම විවිධ අභූත චෝදනා එල්ල කළද ශ්‍රී ලංකාව රටක් ලෙස ඊට කිසිසේත්ම යටත්වීමට සූදානම් නැතැයිද ඇමැතිවරයා තව දුරටත් මාද්‍ය හමුවේදී පවසා සිටියේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button