නිදහස් දින සැමරුම් උත්සවයේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට නව රජය තීරණය කරයි

මෙවර ජාතික නිදහස් දින සැමරුම් උළෙල නිදහස් චතුරස්රයේදී පැවැත්වීමට යෝජනා වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පැවැත්වුණා.
ත්‍රිවිධ හමුදාව, පොලීසිය, ඇතුළු රජයේ නියෝජිතයින් මෙන්ම කොළඹ මහනගර සභාවේ නියෝජිතයන්ද එම සාකච්ඡාවට එක්ව සිටියා.
ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේදී ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට තීරණය කර ඇති බවයි ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයා නෙත් නිවස් වෙත සඳහන් කළේ.
ජාතික නිදහස් දින සැමරුමේ පෙර පුහුණුවීම්වලදී ජනතාවට සිදුවන අපහසුතා අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා අදාල අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
නිදහස් උත්සවයට සමගාමීව දිවයින පුරා රුක් රෝපණ වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට පෙර කොළඹ ටොරින්ටන්හි පිහිටි නිදහස් චතුරස්‍රය ප්‍රතිසංස්කරණ කිරීමටද තීරණය කර තිබෙනවා.