BREAKING NEWSEXCLUSIVE

කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙන් මෙරට ඒක පුද්ගල ආදායම ඩොලර් 550 කින් ඉහළට

රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එක් කරන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වීමත් සමඟ ශ්‍රී ලාංකිකයන්ගේ ඒක පුද්ගල ආදායම රුපියල් 111,100කින් (අමෙරිකානු ඩොලර් 550) ඉහළ යන බව පී. ඩබ්ලිව්. සී. ආයතනය (PWC) නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වනවා.

ඊට අමතරව මේ ව්‍යාපෘතිය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමත් සමඟ දළ දේශීය නිෂ්පාදිතයට වාර්ෂිකව රුපියල් කෝටි 278,760ක (අමෙරිකානු ඩොලර් බිලියන 13.8) ආදායමක් එක්වන බවද එහි සඳහන්.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධ තම නවතම වාර්තාව ආර්ථික කොමිසම හමුවට ඉදිරිපත් කරන ලද අතර සාර්ව ආර්ථික විචල්‍යයන් 5කට, එනම් රැකියා නියුක්තිය, දළ දේශීය නිෂ්පාදිතය, ඍජු විදේශ ආයෝජන, ගෙවුම් ශේෂය සහ රජයේ ආදායම යන අංශවලට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මඟින් ලැබෙනු ඇති දායකත්වය මේ වාර්තාව තුළින් විශ්ලේෂණයට ලක් කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button