BREAKING NEWSEXCLUSIVE

බුද්ධිමත් ශ්‍රී ලාංකිකයන් ලොවටම ආදර්ශයක් දෙයි – නිසි පරතරයෙන් දෛනික කටයුතුවල!

දෙදිනක ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරවීමෙන් පසුව දිස්ත්‍රික්ක අටක් හැර සෙසු සියලු දිස්ත්‍රික්ක සදහා ඇඳිරි නීතිය පැය 8 ක කාලයකට අද පෙරවරු 06.00ට ඉවත් කර තිබේ.

අද පෙරවරුවේ මෙම ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා නගරවල වෙළඳසැල් වලට ඇදී එනු දක්නට ලැබේ.

එමෙන්ම බැංකු හා ඉන්ධන පිරවුම්හල්වලද ජනතාවක් එක් රැස් වී සිටි. එහිදී දක්නට ලැබෙන්නේ මහ ජනතාව සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දුන් උපදෙස් වලට අනුව කටයුතු කරමින් සිය අවශ්‍යතා ඉටු කරගන්නා අන්දමයි.

බොහෝ ස්ථානවල දක්නට ඇත්තේ මීටරයක් හෝ ඊට වැඩි පරතරයක් තබාගෙන කිසියම් පිළිවෙළකට මහජනතාව කටයුතු කරන අයුරුයි.

වෙලදසැල්වලටද එක් වරකට ඇතුළු කර ගන්නේ සීමිත පිරිසකි. ඒවා ඉදිරියේ අත්සේදීම සදහා සූදානම් කර ඇත.

කාගිල්ස් ෆුඩ්සිටි ඇතුලු සුපිරි වෙළඳසැල් මින්පෙර සිය වෙළඳසැල් වල කටයුතු කරනා අයුරු පිළිබඳ උපදෙස් මාලාවක් ලබා දුන් අතර ජනතාව එම උපදේශයන්ට අනුගත වීමද කැපී පෙනුණි.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button