GOSSIP NEWSVIRAL NEWS

“ලිංගික නවක වදය දෙන්නම ජ්‍යේෂ්ඨ සිසුන්ට විශේෂ පුහුණුවක්” විශ්ව විද්‍යාල නවකවදයේ සැඟවුනු රහස්

නවක වදය – එසේත් නැතිනම් මෙරට රජයේ විශ්ව විද්‍යාල අතිබහුතරයක් බිළි ගත් නවක වදයේ සැඟවුණ අප‍්‍රසන්න කථාන්දරය හෙළිදරව් කිරීම සමාජ වගකීමක් සේ සලකා මෙම හෙළිදරව් කිරීම සිදුවේ. මෙහි සඳහන් කරුණු සම්බන්ධයෙන් අභියෝග කරමින් සංවාදයකට එළඹීමට කිසිවකු අදහස් කරන්නේ නම් ඊට Lanka Mag සංස්කාරවරයාගේ එකඟතාවය ඇති බවද සැලකිය යුතුය.

ලියුම්කරු නවකයකු වශයෙන් රුහුණ සරසවියේදී නවක වදය විවිධ මට්ටම්වලින් අත්දැක ඇති අතර වෘත්තීය වශයෙන් දීර්ඝ කාලයක් විශ්වවිද්‍යාලවල රාජකාරිමය කටයුතුවල නිරතව ඇති බැවින් විෂය සම්බන්ධ කථා කිරීමට සුදුස්සකු වේ.

නවක වදය සම්බන්ධයෙන් කථා කිරීමේදී එය සරසවිවල පවත්නා නවක වදයට ලඝු වන නමුත් නවක වදය පවතින්නේ සරසවිවල පමණක් නොවේ.

විද්‍යාපීඨ, මිලිටරි ඇකඩමි, ගුරු විද්‍යාල, හෙද පාසල්, කාර්මික විද්‍යාල ආදී බොහෝ ආයතන තුළ නවක වදය විවිධ මට්ටම්වලින් සහ ස්වරූපයන්ගෙන් ක‍්‍රියාත්මක වේ. කෙසේ නමුත් වඩා සංවිධානාත්මක සහ සැලසුම්සහගත ලෙස මහා පරිමාණයෙන් නවක වදය ක‍්‍රියාත්මක වන්නේ සරසවිවල වන බව අවිවාදාත්මක නිසා ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වීම ස්වභාවිකය.

නවක වද ක‍්‍රියාවලිය සඳහා ශිෂ්‍ය සංගම්වල ආරක්‍ෂාව

සෑම කල්හිම නවක වදය ක‍්‍රියාත්මක වූයේත් වන්නේත් ශිෂ්‍ය සංගම්වල නායකත්වය සහ රැකවරණය සහිතවය. ප‍්‍රායෝගික සත්‍ය නම් ශිෂ්‍ය සංගම්වල අනුග‍්‍රහය නොලබන තැන්වල නවක වදයක් නොපැවතීමයි. විශ්වවිද්‍යාල පද්ධතිය දෙස විමසිල්ලෙන් බලන්නෙකුට ඒ බව පැහැදිලිව පෙනේ.

විශ්වවිද්‍යාල පද්ධතියේ ශිෂ්‍ය සංගම්වල බහුතර බලය පෙරටුගාමී පක්‍ෂයට සම්බන්ධ ශිෂ්‍ය කණ්ඩායම් විසින් අත්පත් කරගෙන සිටින අතර පීඨ කිහිපයක පමණක් ශිෂ්‍ය සංගම්වල බලය විකල්ප ශිෂ්‍ය කණ්ඩායම් සතුවේ. මෙසේ විකල්ප බලයන් සහිත පීඨයන්හි නවක වධය ක‍්‍රියාත්මක නොවේ.

නවක වදය සඳහා ශිෂ්‍ය සංගම් අනුග‍්‍රහය දක්වන බව තහවුරු කෙරෙන තවත් අවස්ථා රාශියක් ඇත. ඉන් කිහිපයක් මෙසේ විස්තර කළ හැකිය.

නවක සිසුන් පැමිණි වහාම ශිෂ්‍ය සංගම් නියෝජිතයන් තම නිල බලය භාවිතා කරමින් දේශන ශාලාවලට සහ නේවාසිකාගාරවලට ඇතුල්වී නවකයන්ගේ විස්තර ලබාගනී. මේ සඳහා මුද්‍රිත පෝර්මයක් ලබාදෙන අතර සෑම නවකයෙක්ම එම පෝර්මය පුරවා දිය යුතුය.

එහි නවකයාගේ විස්තර, දෙමව්පියන්ගේ සහ පවුලේ තොරතුරු ආදිය මෙන්ම සිසුන් පෙළෙන රෝගාබාධ මෙන්ම ඒවාට ලබාගන්නා ඖෂධ වර්ගයන්වල විස්තර ද ඇතුළත්ය.

මෙම තොරතුරු නවක වදයේ සැලසුම් සඳහා සෘජුවම භාවිතා වන අතර රෝගාබාධ සම්බන්ධ තොරතුරු මත එවැනි සිසුන් ඇතැම් නවක වද ක‍්‍රියාකාරකම්වලින් ඉවත්කොට තබනු ලබන අතර ලබාගන්නා ඖෂධ සම්බන්ධ තොරතුරු හදිසි ප‍්‍රතිකාර සඳහා ප‍්‍රයෝජනයට ගනී.

ශිෂ්‍ය සංගමය විසින් නවකයන් පැමිණි වහාම කිසියම් පොදු ගැටලූවක් අරභයා පිකටිං සහ උද්ඝොෂණ ව්‍යාපාර සංවිධානය කෙරෙන අතර ඒවායේදී නවකයන් ඉදිරියේ ශිෂ්‍ය සංගම් නියෝජිතයන් නවකයන්ගේ ඇෙඟ් මයිල් කෙලින් කරවන උද්වේග කර කථා පවත්වයි.

මෙහිදී පාලකයන් සහ නිලධාරීන් අවමන් සහගත ලෙස විවේචනය කරමින් ඔවුන්ගේ ගෞරවය කෙලෙසන අතර කිසිදු සිසුවෙක් ඔවුන්ට ගරු කළ යුතු නැති බවටත් බිය විය යුතු නැති බවටත් හැඟීමක් ලබාදේ.

මෙහිදී ඇතැම් සිසුනායකයන් අවම සදාචාරයටවත් එකඟ නොවන ලෙස තම කථාවලින් පාලකයන්ගේ බිරින්දෑවරුන් සහ දරුවන් පවා සම්බන්ධ කර ගනිමින් විවේචනයේ යෙදෙන අතර සරසවියේ පොරවල් පාලකයන් හෝ නිලධාරීන් නොව තමන් බව නවකයන්ට ඒත්තු ගන්වයි.

නිද්‍රාශීලී අංගවිකල සරසවි පරිපාලනය විසින් මෙම ප‍්‍රසිද්ධියේ නින්දා අපහාස කිරීම්වලට එරෙහිව කිසිදු පියවරක් නොගන්නා බැවින් ඒවා කිසිදු ප‍්‍රතිවිරෝධයකින් තොරව නැවත නැවත සිදුවේ.

ආරක්‍ෂක නිලධාරීන් විසින් හෝ විනයාරක්‍ෂක නිලධාරීන් විසින් කිසියම් නවක වද ක‍්‍රියාකාරකමක් නිරීක්‍ෂණය කිරීමට තැත් කළහොත් ශිෂ්‍ය සංගම් නායකයන් වහාම ඒ සඳහා මැදිහත් වේ.

එහිදී විශාල පිරිස් බලයක් යොදා ගනිමින් අදාල නිලධාරීන් වටකර හූ තබමින් නිලධාරීන් පීඩාවට පත්කරන අතර ඔවුන්ගේ රාජකාරිය ඉටුකිරීමට කිසිවිටෙක ඉඩ ලබා නොදේ.

කනගාටුදායක කාරණය නම් එවැනි අවස්ථාවල නවකයන්ම යොදාගෙන හූ කියවීමත් කටකාර නවකයන් ලවා “මෙතන කිසිම නවක වධයක් උනේ නැහැ” ඇයි අපිට අයියලා එක්ක කථා කරන්න බැරිද” “පරිපාලනය තමයි අපිව රැග් කරන්නේ” ”ඔයාලා ඔයාලාගේ වැඩක් බලාගන්න ආදි ලෙස කියමින් නිළධාරීන් පසු බැස්සවීමට කටයුතු කිරීමයි.

ශිෂ්‍ය සංගම් විසින් මෙම ක‍්‍රියාවන් සාධාරණීකරණය කිරීමටත් තමන් නවක වදයට සම්බන්ධ නොමැති බව ඔප්පු කිරීමටත් සාමාන්‍ය භාෂාවෙන් කියන පරිදි තර්ක ඉදිරිපත් කළ හැකි නමුත් නවක වදයට ශිෂ්‍ය සංගම්වල ඇති සෘජු සම්බන්ධය මෙම ක‍්‍රියාමාර්ගවලින් නැවත නැවත තහවුරු වන බව සිහිබුද්ධිය ඇති සියල්ලන්ටම වැටහෙනු නොඅනුමානය.

නිලධාරීන් සහ ආචාර්යවරුන් පාලනය කිරීමට පිඹුරුපත් සැකසීම

නවක වදයේම අංගයක් ලෙස නවක වද ක‍්‍රියාවලියට එරෙහි වේයයි අනුමාන කෙරෙන ආචාර්යවරුන්, ආරක්‍ෂක නිලධාරීන් සහ විනයාරක්‍ෂක නිලධාරීන් සම්බන්ධ තොරතුරු ඇතුළත් ලිපිගොනු ශිෂ්‍ය සංගමයේ මූලිකත්වයෙන් ආරම්භ කෙරෙන අතර ඔවුන්ගේ රුචි අරුචිකම් සහ දුර්වලතා පවුලේ තොරතුරු ආදී සියලූ තොරතුරු මීට ඇතුළත් කෙරේ.

අනතුරුව විවිධ මාර්ගවලින් මෙම පිරිස නවක වද ක‍්‍රියාවලියට අවහිරයක් නොවන ලෙස පාලනය කර ගැනීමට කටයුතු කරයි. මෙම පිරිස ඉලක්කකොට විවිධ සාද අවස්ථාවන් සංවිධානය කෙරෙන අතර එහිදී මත්පැන් සඳහා ලොල්වන පුද්ගලයන් බීමත්ව කියන කරන දෑ රහසේ වීඩියෝගත කිරීම මෙන්ම පටිගත කිරීම ද සිදු කරයි.

මෙසේ ගොඩනගාගන්නා මිත‍්‍රත්වය හරහා නවක වදයදී හසුවුවත් එය ගොඩින් ෂේප්කර ගැනීම ඉදිරි අරමුණයි.

එසේත් පාලනය කරගත නොහැකි පුද්ගලයන්ට එරෙහිව ශිෂ්‍ය සංගමය හරහා ප‍්‍රහාරයන් දියත් කෙරෙන අතර විවිධ රැස්වීම්වාරවලදී ශිෂ්‍ය නියෝජිතයන් විශාල පිරිසක් විසින් වටකොට පහරදී අවලාද නගා ඔහු දුර්මුඛ කිරීම සිදුකරයි.

ප‍්‍රසිද්ධියේ ශබ්ද විකාශන යන්ත‍්‍ර යොදාගෙන කෙරෙන අවලාදයන් මගින් තම ප‍්‍රතිරූපය විනාශ කර ගැනීමට අකමැති ආචාර්යවරුන් සහ නිලධාරීන් තම සීමාව ඉක්මවමින් ශිෂ්‍යයන් තරහ කර ගැනීමට නොයා ෂේප් ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පෙළඹේ.

නවක වදය කවුරුන්ගෙන් කාහටද ?

ඉතා සීමිත අවස්ථාවන් කිහිපයකදී හැරෙන්නට නවක වදදීම් සිදුවන්නේ ජ්‍යෙෂ්ඨ පිරිසකගෙන් නවකයන් පිරිසකටය.

වසර කිහිපයක සිසුන් කණ්ඩායම් වල සිටින ආයතනයක අවසන් වසර සිසුන් ඉවත්ව යාමත් නව සිසුන් කණ්ඩායමක් ඇතුළත් වීමත් සෑම වසරකම එකම කාලසීමාවේ අඛණ්ඩව සිදුවේ.

පළමු වසරට ආධුනිකයන් ලෙස පැමිණෙන ශිෂ්‍ය කණ්ඩායම නවක වදයේ ගොදුරු බවට පත්වන අතර දෙවන වසර සිසුන් ප‍්‍රධානකොට අනෙකුත් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ගේ හිරිහැර සහ අතවරයන්ට ලක්වීමට මෙම පිරිසට සිදුවේ.

උත්ප‍්‍රාසය දනවන කාරණය නම් මෙම වින්දිත ශිෂ්‍ය පිරිස වසර අවසානයේදී ඊළඟට ඇතුළත් වන නවකයන්ගේ වදකයන් බවට පත්වීමයි. නවක වදය නොනවතින ක‍්‍රියාවලියක් බවට පත්ව ඇත්තේ මෙම ප‍්‍රධාන කාරණය හේතුවෙනි.

ඒ අනුව පැහැදිලිවන්නේ එක් වසරක් නවක වදය සම්පූර්යෙන් නතර කළහොත් මෙම ම්ලේච්ඡ ක‍්‍රියාවලියේ ඉදිරි පැවැත්ම අවසන් වන බවයි. එයට අවශ්‍ය වන්නේ මාස 6ක අවංක සාමුහික කැපකිරීම පමණි.

නවක වදය දෙන්නන්ගේ ස්වභාවය

නවක වදය ලබාදෙන පුද්ගලයන් ලෙස විමර්ශනශීලීව බැලීමේදී මොවුන් බහුතරයක් තුළ පහත සඳහන් ලක්‍ෂණ එකක් හෝ කිහිපයක් පවතින බව හඳුනාගත හැක.

1) අති දුෂ්කර ප‍්‍රදේශවලින් සරසවි වෙත පැමිණීමට අවස්ථාව ලැබී ඇති පීඩාවන්ට ලක්වූ පිරිස් වීම.

2) බොහෝ විට දෙමව්පියන් අඩු ආදායමක් සහිත කම්කරු” කුලීකරු වැනි රැුකියාවල නිරතව සිටීම” ගොවිතැනින් ජීවත් වීම හෝ ඇතැම් විට නිශ්චිත රැකියාවක් නොමැති අය වීම.

3) සමාජ සම්මතයට අනුව සමාජයේ කැපීපෙනීමට අවශ්‍ය ශරීර ලක්‍ෂණවල අඩුවක් දැකිය හැකි පුද්ගලයන් වීම උදාහරණ වශයෙන් මිටි හෝ කෘෂ ශරීර ලක්‍ෂණ, කළු සම සහ විරූපී ලෙස පිහිටි ශරීරාංග දැක්විය හැකිය.

4) පාසල් අධ්‍යාපනය තුළ නායකත්ව අවස්ථා ලැබී නොමැති හෝ අඩුවෙන් ලද පිරිස් වීම.

5) බොහෝ විට පෙම්වතෙක් හෝ පෙම්වතියක් නොවීම.

6) පවුල් අර්බුද සහ දුප්පත්කම හේතුවෙන් ප‍්‍රීතිමත් සාමකාමී ළමා කාලයක් අහිමි වූ පිරිස් වීම.

7) හීන පෞරෂයකින් යුතු පුද්ගලයන් වීම.

නවක වදයේ ලබාදීමේ අරමුණු

නවක වදය ලබාදීමේ අරමුණු වශයෙන් එහි නිරත වන්නන් සහ ඊට පක්‍ෂ පිරිස් නිරන්තරයෙන් හුවා දක්වන්නේ උසස් අධ්‍යාපන ආයතන තුළ පවත්නා උප සංස්කෘතියට හුරු කිරීම පමණක් මෙමගින් සිදුවන බවයි. එහෙත් එහිදී ප‍්‍රකාශ නොකෙරෙන සැඟවුණ අරමුණු පහත පරිදි හඳුනා ගත හැකිය.

1) ජ්‍යෙෂ්ඨයන් සහ නවකයන් අතර පරතරය පවත්වා ගැනීම.

2) ජ්‍යෙෂ්ඨයන්ගේ ආධිපත්‍ය නවකයන් මත බලහත්කාරයෙන් පැටවීම.

3) පංති වෛරය පිරිමසා ගැනීම.

4) පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මතවාද කෙරේ සිසුන් ඒකරාශි කරගැනීම.

5) ස්වභාවික ආකර්ෂණය හීන පිරිස් සඳහා කෘතිමව ඇති කරන තත්ත්වයන් මත පෙම්වතෙක් හෝ පෙම්වතියක් ආකර්ෂණය කර ගැනීම.

6) තමන් තම පවුල තුළින් සමාජයෙන් හෝ ජ්‍යෙෂ්ඨයන් වෙතින් අත්දුටු ප‍්‍රචණ්ඩත්වය ප‍්‍රතිචාර දැක්විය නොහැකි තත්ත්වයක කොටුකළ අසරණයන් පිරිසක් මත මුදාහැරීම

7) අන්තවාදී දේශපාලන ව්‍යාපාරයන් සඳහා අවශ්‍ය කාඩරයන් හඳුනා ගැනීම හා බිලිබා ගැනීම

නවක වදය සඳහා පෙර සූදානම

සරසවි තුළ නවක වදය ක‍්‍රියාත්මක වන්නේ ඉතාම සැලසුම් සහගතව හා පෙර සූදානමකින් යුක්තවයි. ඇත්තවශයෙන්ම ඊළඟ වසරේ නවක වධය සඳහා වන මෙම සූදානම ආරම්භ වන්නේ ඊට පෙර නවක වද කාල සීමාව තුළදීමයි.

එනම් සරසවිය තුළට නවකයන් පැමිණීමට වසරකට පෙරාතුව ඊළඟ වසරේ නවක වධය සඳහා සැලසුම් කිරීම සිදුවේ. එහිදී අනාගත නවක වදය සඳහා නායකත්වය දීමට සුදුස්සන් ජ්‍යෙෂ්ඨයන් විසින් හඳුනාගනු ලබන අතර එසේ හඳුනාගත්තවුන් අංග සම්පූර්ණ හා විධිමත් නවක වද ක‍්‍රියාවලියකට භාජනය කරනු ලැබේ.

එහිදී නවකයා තමන් නොදැනුවත්වම මොළ සේදීමකට ලක්වන අතර ඔවුන්ට ජ්‍යෙෂ්ඨ උත්තමයන් හා සමීපව කටයුතු කිරීමටත් කන බොන අවස්ථාවලට සහභාගී වීමටත් අවස්ථාව හිමිවේ.

සියලූ අවස්ථාවලදී නවක කණ්ඩායම නියෝජනය කරන්නේ එසේ තෝරාගන්නා කිහිපදෙනා විසිනි. මේ නිසා නවක කණ්ඩායම තුළ නිතැතින්ම කැපී පෙනීමට ලක් වීමට මෙම පිරිසට හැකිවන අතර එහි ආශ්වාදයෙන් මත්වන පිරිස තම නවක කණ්ඩායමේ සාමාජිකයන් පවා ජ්‍යෙෂ්ඨයන්ට පාවාදෙමින් ඔවුන්ගේ සිතැඟි අනුව කටයුතු කරන පිරිසක් බවට පත්වේ.

ඒ අනුව නවක කණ්ඩායමේ කිසිවෙක් නවක වදයට හෝ ජ්‍යෙෂ්ඨයන්ට එරෙහිව වචනයක් කථා කිරීමට බියවේ.

මෙම කණ්ඩායම සඳහා නවකයන් තෝරාගැනීමේදී ඔවුන් පදිංචි ප‍්‍රදේශය, ඉගෙනගත පාසැල, දෙමව්පියන්ගේ සමාජ තත්ත්වය, පවුලේ දේශපාලන මතය, පෞද්ගලික රුචි අරුචිකම් සහ පෙම්වතියක් හෝ පෙම්වතෙක් ඇති නැති බව ආදී කාරණා සම්බන්ධව දැඩි ලෙස සැලකිල්ල යොමු කරයි.

මෙම පිරිස නේවාසිකාගාරවල නැවතී සිටීම අනිවාර්ය වන අතර නවක වධ කාලසීමාව අවසාන වීමෙන් පසුව ඊළඟ නවක කණ්ඩායම එනතෙක් ජ්‍යෙෂ්ඨයන්ගේ සමීප නිරීක්‍ෂණය යටතේ පවත්වා ගනී.

ඊළඟ නවක කණ්ඩායම පැමිණීමට මාසයකට පෙරාතුව මෙම පුහුණු කරන ලද පිරිසේ මූලිකත්වයෙන් කණ්ඩායම් රැස්වීමක් පැවැත්වෙන අතර එහිදී නවක වධ ව්‍යාපෘතියේ නායකයන් සහ උප නායකයන් ලෙස ගැහැනු පිරිමි දෙඅංශයෙන්ම හතරදෙනෙකු පත්කරනු ලබයි. නායකයා රැග් රෙපා ලෙසත් උප නායකයා ඇරපා ලෙසත් හඳුන්වයි.

තවද නවක සිසු කණ්ඩායම පැමිණෙන දින නවකයන් සහ දෙමව්පියන්ට මගපෙන්වීම පිණිස කණ්ඩායම් පත්කර ගැනීම ද ආරක්‍ෂක, ප‍්‍රචාරණ, වෛද්‍ය ආධාර සහ සම්බන්ධීකරණ කටයුතු ආදී අනෙකුත් අංශයන් සඳහා කමිටු පත්කර ගැනීම ද මෙහිදී සිදුවේ.

මල් සමය (මෙම යෙදුම ලේඛකයාගේ නොවේ සරසවියේ පාරිභාෂික වචනයකි පැහැදිලි කිරීම සදහා උපුටා ගන්නා ලදි)

සරසවියට නවක සිසුන් පා තැබීමට බොහෝ කාලයකට පෙර ඔවුන් වධයට ලක්කිරීම සදහා හමුදා මෙහෙයුමක් මෙන් සැලසුම් කරන ලද නවක වධ මෙහෙයුම දැන් සූදානම්ය.

මෙහෙයුමේ පළමු පියවරට අනුව සරසවියට පළමුදින පැමිණෙන සිසුන්ට සහ දෙමව්පියන්ට දකින්නට ලැබෙන්නේ සහෝදරත්වය උතුරා යනල එකිනෙකා අන්‍යයන්ට උදව් උපකාර කරනල කරුණා දයාව උතුරා යන පාරාදීසයක් වැනි තැනකි.

සරසවිය යනු වධකයන්ගෙන් පිරුණු අප‍්‍රසන්න ස්ථානයක් ලෙස සිතාගෙන පැමිණෙන දෙමව්පියන් එකී නරක චිත‍්‍රය ජනමාධ්‍ය විසින් ගොඩනංවන ලද ප‍්‍රලාපයක් බව දැකල යකා කියන තරම් කළු නැති බව සිතමින් ජ්‍යෙෂ්ඨ සහෝදරයන්ට තම දුවා දරුවන් බාරදී පිිටව යයි.

දෙවැනි දින සිට ඇරඹෙන්නේ මල් සමයයි.

මෙම සතියක පමණ කාලය තුල නවකයන්ට කිසිදු බලපෑමක් කෙරෙන්නේ නැත. නමින් අරුත්ගැන්වෙන ලෙස තම නව පරිසරයේ නව යහළු යෙහෙළියන් හදුනාගනිමින් සතුටින් සිටීමට ඔවුන්ට ඉඩ ලැබේ.

මෙම මල් සමය තුල නවකයන් ලෙස වෙස් ගන්වන ලද ජ්‍යෙෂ්ඨ සිසුන් නවකයන් සමග ගැවසෙමින් නවකයන්ගේ දේශනවලට පවා සහභාගී වෙමින් ඔවුන්ගේ සියළු තොරතුරු එකතු කර ගන්නා අතර සරසවි පරිපාලනයල ආචාර්යවරු සහ විනයාරක්‍ෂක නිළධාරීන්ගේ නවක වධයට එරෙහි සැලසුම් සහ ක‍්‍රියාමාර්ග සම්බන්ධ සියළු තොරතුරු එක්රැස්කර ගනී.

කොණ්ඩය කැපීම

බිලි පූජාවට පෙරාතුව බිල්ල කහ වතුරෙන් නහවා පිරිසිදු කරන්නාසේ නවක වධය විධිමත්ම ආරම්භ කිරීමට පෙරාතුව සිසුන් බාබර් සැලූන් එකට පෝලිමේ කැදවාගෙන යන අතර ඔවුන්ගේ කොණ්ඩා තට්ටය පෑදෙන තෙක් බලහත්කාරයෙන් බූ ගා දමනු ලැබේ.

එසේම සියළු සිසුවියන්ට කොණ්ඩ කරල දෙකක් ලෙස ගොතාගෙන එන ලෙස නියෝග කෙරෙන අතර සිසුවියන්ට චීත්ත ගවුමත්, සිසුන්ට කලිසම සහ කමීසය පමණක් අදින ලෙස නියම කෙරේ.

කඩදාසි ෆයිල් කවර පමණක් භාවිතා කලයුතු අතර දෙපාර්ශ්වයම රබර් සෙරෙප්පු පමණක් භාවිතා කල යුතුය. මාල, වළලු ඔරලෝසු වැනි ආභරණ පැළදීම සම්පූර්ණයෙන්ම තහනම්ය.

වදයේ ආරම්භය

දැන් වදය ආරම්භ වී ඇත. ජ්‍යෙෂ්ඨ සිසු සිසුවියන් මෙම කාලය තුල තම දේශනවලට සහභාගී නොවී පූර්ණකාලීනව නවක වදයේ නියැලීම සිදුකල යුතුය.

සෑම දිනකම සවස ඊට පසු දිනයේ රුග් කිරීමට නියමිත අංගය සිසුන්ට රුග් රෙෆා විසින් ලබාදේ. දිනෙන් දින සිදුකරන මෙම නවකවද ක‍්‍රියාකාරකම් අටෝරාශියක් ඇති අතර ඉන් කිහිපයක් පමණක් පාඨකයන්ගේ දැන ගැනීම පිණිස මෙහි සටහන් කරමි.

නවක සිසුන් සදහා උප්පැන්න සහතිකයේ ඇති නම වෙනුවට හාස්‍යජනකල නින්දාසහගතල ප‍්‍රචණ්ඩකාරී හෝ දෙබිඩි අරුත් දනවන නම් පටබැදීම මෙම ක‍්‍රියාවලියේ මූලිකම අංගයකි.

කිසිදු තාර්කික පදනමක් නොමැති මෙම ක‍්‍රියාව බොහෝ දෙනා බරපතල අර්ථයෙන් නොසැලකුවත් මෙය නවක වධ ක‍්‍රියාවලියේ ම්ලේච්ඡත්වයට සෘජුවම බලපාන බරපතල කාරණයක් බව ලියුම්කරුගේ අදහසයි.

එය පහත පරිදි පැහැදිලි කල හැකිය. දෙමව්පියන් විසින් ශාන්ත යයි නම්තබා විශ්වවිද්‍යාලයට එවන දරුවාට ජ්‍යෙෂ්ඨයන් ලබාදෙන්නේ මරුසිරා, යකඩයා, සර්පයා පොළගා ආදී වශයෙන් වූ නමකි. තම අන්වර්ථ නමේ ස්වරූපයට ගැලපෙන පරිදි තම ප‍්‍රතිරූපය සාදාගැනීමට නිරායාස පෙළඹවීමක් ඔහුට ඇති කරයි. (මේ සම්බන්ධ මනෝවිද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක තත්ත්වයන් පිළිබද කථිකාවක් අදාල විෂය ප‍්‍රවීනයන් විසින් මතුකරනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.)

මෙම අන්වර්ථ නම් යෙදීම ආරම්භ වී ඇත්තේ ඓතිහාසික අවශ්‍යතාවයක් හේතුවෙනි. වර්ථමානයේදී එකී අවශ්‍යතාවය පහව ගොස් ඇති තත්ත්වයකදී තවදුරටත් අන්ධාණුකරණයෙන් එහි එල්බ සිටින වර්ථමාන පරම්පරාවන්ගේ දැනගැනීම සදහා එය කෙටියෙන් මෙහි සටහන් කිරීම වටී.

1988 -89 කාල වකවාණුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් දකුණේ ඇතිකල සන්නද්ධ කැරැල්ල මර්ධනය පිණිස මුදාහල භීෂණයේදී සරසවි සිසුන් සන්නද්ධ ඝාතන කල්ලිවල සෘජු ඉලක්කයක් විය.

ඉන් ආරක්‍ෂාව සලසා ගැනීම සදහා මෙන්ම තමන් සමග හිදිමින් පාවාදෙන්නන්ගෙන් ආරක්‍ෂා වීමටත් සරසවි සිසුන් අන්වර්ථ නාමයන්ගෙන් පෙනී සිටීමටත් හැදින්වීමටත් පටන් ගැනුනි. වර්ථමානයේ එහි අවශ්‍යතාවය කුමක්දැයි කල්පනා කර බැලිය යුතුය.

ස්ත‍්‍රී පුරුෂ භේදයක් නොමැතිව නවකයන්ට පහත් අසභ්‍ය භාෂාවෙන් කථාකිරීම නවක වදයේ ප‍්‍රධාන ලක්‍ෂණයකි. මෙම වචන පුවත්පත් ලිපියක සටහන් කරනු තබා ශිෂ්ඨ සම්පන්න මිනිසුන්ට අසාවත් සිටිය නොහැකි තරම් ග‍්‍රම්‍යය. මෙමගින් ජ්‍යෙෂ්ඨයන් තම සිත්තුල සගවාගෙන සිටින පහත් ලිංගික ආශාවන් නවකයන් මත ප‍්‍රතිවිරෝධයකින් තොරව නිදහසේ මුදාහරිති.

ඒ ඒ සරසවිවලට ආවේනික ලෙස ප‍්‍රබන්ධ කෙරුණ අසභ්‍ය සරසවි සාහිත්‍යයක් පවතින අතර මේවා අසභ්‍ය කාව්‍ය සහ කථා වලින් සමංවිත වේ. එක් එක් ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවකයන් 8 ක 10 ක පමණ කණ්ඩායමක් දිනපතාම තමන් වටේ තබාගෙන අසභ්‍ය සාහිත්‍ය පාඩම් රසකරමින් කියාදේ.

පොතක හෝ ෆයිල් කවරයේ මේවා ලියාගත යුතු අතර සිසුන් විසින් සිසුවියන්ටත්, සිසුවියන් විසින් සිසුන්ටත් පාඩම් කරවිය යුතු අතර පසුදින ජ්‍යෙෂ්ඨයා ඉදිරියේ කටපාඩමින් කිවයුතුය. සරසවි කල්කය නම් ඔවුන් විසින් ප‍්‍රබන්ධ කරන ලද අසභ්‍ය කවිය මෙහි ජනප‍්‍රිය අංගයකි.

ඇතැම් දිනවල නවකයන්ට යට ඇදුම් ඇදීම තහනම් කරනු ලැබේ. එදිනට සියළු සිසු සිසුවියන් කුඩා ඉඩකට රැස් කරනු ලබන අතර ජ්‍යෙෂ්ඨ සිසුන් ඔවුන් රවුමට වට කරගෙන අසභ්‍ය වචන කියමින්, කෑ ගසමින් එම කුඩා ඉඩ තුල යට ඇදුම් නොමැති සිසුන් සහ සිසුවියන් එකිනෙකා අතර තෙරපීමට සලස්වා විනෝදවීම මෙම නවක වද ක‍්‍රියාවලියේ සුවිශේෂ අංගයකි.

ලිංගික අඩංතේට්ටම් ගණයට වැටෙන මෙම ක‍්‍රියාකාරකම අතරතුර සිසුවියන් 10 දෙනෙකුවත් ක්ලාන්ත වී වැටීම සාමාන්‍ය සිද්ධියක් වන අතර එසේ අසනීප වන නවකයන් සදහා වෛද්‍ය පීඨ සිසුන්ගේ මැදිහත් වීමෙන් ප‍්‍රථමාධාර ලබාදෙන අතර තවදුරටත් වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍ය අය විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානය වෙත හෝ රජයේ රෝහල් වෙත නොයවා විශ්වවිද්‍යාලයෙන් ඈත පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප‍්‍රතිකාර කරයි. එසේ සිදුකරන්නේ මෙම අමානුෂික ක‍්‍රිියාකාරකම් හෙලිදරව් වේයයි බියෙනි.

තවත් අප‍්‍රසන්න නවක වද ක්‍රියාකාරකමක් පහත විස්තර කරමු. මෙහිදී සියළුම සිසුන්ගේ බත් පාර්සල්ල එක් විශාල භාජනයක දමා සියළු කෑම වර්ග ( බත්, මස්, මාළු, එලවළු සහ යෝගට්, පුඩිං, වටලප්පං වැනි අතුරුපස වර්ග) එකට කලවම් කරයි.

මෙම කලවම් කිරීම නවකයන් විසින්ම තමන්ගේ අත් දෙකෙන්ම සිදුකල යුතය.එසේ කලවම් කරන ලද අච්චාරුවක් වැනිල තිරිසනෙකටවත් කෑමට නොහැකි මෙම මිශ‍්‍රණය විශාල ගුලි ලෙස සකස් කරයි. එසේ සකස් කරන ලද ගුලි නවකයන් විසින් එකිනෙකාට කවා ගත යුතුවේ.

මෙම පිලිකුල් සහගත ක‍්‍රියාව හේතුවෙන් බොහෝ පිරිසක් වමනය දමන අතර ඇතැම් අය අමාශගත රෝගාබාධවලටද ලක්වේ.මෙය නවක වද කාලසීමාව තුල කිහිපවාරයක් සිදුවේ. (මෙම ක‍්‍රියාකාරකම් එසේ නොවන්නේයයි කිසිවකු කියන්නේ නම් එය ඡායාරූප සාක්‍ෂි වලින් ඔප්පු කිරීමට හැකියාව ඇති බවත් සදහන් කල යුතුය.)

කළුවර කාමරයකට දමා පහර දීම

දඩබ්බර ළමුන්ට දඩුවමක් ලෙස කළුවර කාමරයකට දමා දොර වසා තැබීම සිදුකරන අයුරු අප කුඩාකල කියවූ ඇතැම් පොත් වලත් ඇසූ කථාන්දර වලත් අප අසා දැක ඇති නමුත් මේවා සැබෑ ලෝකයේ එලෙස සි දු නොකෙරෙන මනඃකල්පිතයන් බව අපි දනිමු. එහෙත් සරසවිවල නවක වදයේ අංගයක් ලෙස මෙම කළුවර කාමර පවත්වාගෙන යාම සිදුකරන බව අපි වගකීමකින් යුක්තව කියා සිටිමු.

නවක වද ක‍්‍රියාවලියේදී ජ්‍යෙෂ්ඨයන්ගේ උපදෙස් නිසි පරිදි නොපිලිපදින්නේයයි හෝ දඩබ්බර යයි ඔවුන් විසින් සලකන සිසුන්, සරසවි භාෂාවෙන් කිවහොත් ”ගානට වැඩි පොරවල්ට් මෙම කළුවර කාමරවලට රැගෙන ගොස්, දොරවල් වසාල පොලූවලින් පහරදීම සිදුකරනු ලැබේ.

ගෝත‍්‍රික ක‍්‍රියාකාරකම් සිහිගන්වන මෙම ක‍්‍රියාවට බොහෝ විට භාජනය වන්නේ අන්‍යයන් අතර කැපීපෙනෙනල කඩවසම් පෙනුමකින් යුත් පිරිමි සිසුන්ය. නවකයාගේ දඩබ්බර බව නොව ජ්‍යෙෂ්ඨයන්ගේ හීන මානසිකත්වය මේ සදහා බලපාන බව පැහැදිලිය.

මේ හෙලිදරව්වත් සමග ශිෂ්‍ය සංගම්ද, සරසවි පාලකයන්දල විනයභාර නිළධාරීන්ද කුලප්පු වී එවැනි ක‍්‍රියාවන් කිසිවිටෙක සිදුනොවන බවත්, එවැනි කළුවර කාමර සරසවි තුල නැති බවත් කියා සිටිනු ඇත. ඔවුන්ට අප කියන්නේ මහත්වරුණි පහසුම දේ කිසිවක් සිදුවුනේ නැතැයි කියා ලිස්සායාම බව අපි දනිමු. එහෙත් ඔබේ වගකීම විය යුත්තේ එය නොවේ.

නේවාසිකාගාරවල නවක වධය

විශ්වවිද්‍යාලයන්හී ලිංගික හා ශාරීරික අඩම්තේට්ටම් සිදුවන නවක වදයේ දරුණුම කොටසට මුහුණදීමට සිදුවන්නේ නේවාසිකාගාරවල සිටින අසරණ සිසු සිසුවියන්ටය.

මෙම ක‍්‍රියාවන් රාත‍්‍රී කාලයේ බිත්තිවලින් වටවූ සංවෘත පෙදෙසක සිදුවීමත් ඒ නිසාම ශාලාධිපතිවරුන්ගේ හෝ විනයාරක්‍ෂක නිළධාරීන්ගේ අත්අඩංගුවට පත්වීමේ සම්භාවිතාව ඉහල වීම ශාරීරික වදදීම් නිසා ඇතිවන අනතුරුදායක තත්ත්වයත් හේතුවෙන් මේ සදහා ශිෂ්‍ය සංගම්වල අධීක්‍ෂණයෙන් දැඩි ආරක්‍ෂක හා සංවිධානාත්මක ක‍්‍රියාවලියක් ක‍්‍රියාත්මක වේ.

ඒ අනුව විවිධ වගකීම් පරාසයන් සදහා කමිටු පත්කර ගනී. උදාහරණයක් ලෙස දක්වතොත් ආරක්‍ෂක කමිටුවේ සිටින ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ගේ වගකීම වන්නේ රාතී‍්‍ර කාලයේ ඒ ඒ නේවාසිකාගාර සදහා නවකවද කණ්ඩායම් බාධාවකින් තොරව ඇතුල් කිරීමට කටයුතු කිරීමත්, නවක වදය ලබාදීමෙන් පසු ඔවුන් නිරුපද්‍රිතව පිටතට රැගෙන ඒමත්ය. මේ සදහා පාඨකයාගේ ඇස් උඩ ඉන්දවන තරමේ උපක‍්‍රමික මෙහෙයුමක් කි‍්‍රයාත්මක කෙරේ.

නේවාසිකාගාරය සදහා යොදවන ආරක්‍ෂක නිලධාරියා බැලන්ස් කර ගැනීම පළමු පියවරයි. එය එතරම් අපහසු නැත. බුලත් විටක් සිගරට්ටුවක් හෝ මත්පැන් වීදුරුවක් ඒ සදහා සෑහෙන අතර අනතුරුව කුමක් සිදුවුනත් ආරක්‍ෂක නිළධාරීයා එය දැක නැත, දන්නේ නැත, එසේත් නැත්නම් මම ඒ වෙලාවේ බඬේ අමාරුවක් හැදිල ටොයිලට් එකට ගිහින් හිටියෙ යන්න පොදු පිලිතුරයි.

විනයාරක්‍ෂක නිළධාරීන් හා ඇතැම් ආචාර්යවරුන්(සිසුන්ගේ ව්‍යවහාරයට අනුව උණ තියෙන පොරවල් ) රෑ නොනිදා, තම පෞද්ගලික කටයුතු පවා අතපසු කරමින්, නේවාසිකාගාර වෙත ගොස් ඒවායේ රැදී සිටිමින් පරීක්‍ෂා කිරීම් සිදුකරනු ලැබුවත් බොහෝ විට දක්නට ලැබෙන්නේ නවක සිසුන්ට ඉතා සහෝදරත්වයෙන් විවිධ උපදෙස් ලබාදෙමින් සිටින ”සීනියර් අයියලාය.

එයට හේතුව වෘත්තීමය ඔත්තුසේවා සංවිධානයක කාර්යක්‍ෂමතාවයෙන් හා උපක‍්‍රමශීලීත්වයෙන් යුතුව කටයුතු කරන ඔත්තු සේවාවක් ශිෂ්‍ය සංගම් හරහා ක‍්‍රිියාත්මක වීමයි.

මේ නිසා අදාල නිළධාරීන් හා ආචාර්යවරුන්ගේ දෛනික කි‍්‍රියාකාරකම් සම්බන්ධ පැහැදිලි චිත‍්‍රයක් සිසුන්ට ඇත. ඔවුන් තම දරුවන් පංති වලට ඇරලවීමට යන එන වේලාවන්, ආහාර ගන්නා වේලාවන් පමණක් නොව විනෝදවීමට සමාජශාලාවලට යන එන වේලාවත් සිසුන් දනී.

එසේම අදාල නිළධාරීන් ගේ හා ආචාර්යවරුන්ගේ නිවෙස් අසල පැය 24 පුරා ක‍්‍රියාත්මක ඔත්තුකරුවන් රදවා ඇත. මෙම ඔත්තු කරුවන් සමහර විට සිටින්නේ අතු පතර විහිදුන ගස් උඩට වී තම දෑස් දල්වාගෙනය.

නිළධාරීන් හා ආචාර්යවරුන් නිවසින් එළියට බසින විටම සංඟා මගින් ”පොර එනවා” යන පණිවුඩය ලැබිය යුතු තැන්වලට ලැබේ. ඉතින් නවක වද වාර්ථාවල ලියැවෙන්නේ කිසිදු සිදුවීමක් වාර්ථා වී නැති බවයි.

දරුණු ශාරීරික වධයන් සහ ලිංගික අඩම්තේට්ටම් පටන් ගන්නේ රාත‍්‍රී 12න් පසුවයි. ඒ වන විට කිසිදු සැලකිය යුතු සිදුවීමක් වාර්ථා නොවන බව සලකා නිළධාරීන් හා ආචාර්යවරුන් නිවෙස්වලට ගොස් හමාරය.

තර්ජනයක් නැති බව ඔත්තු සේවාවල පිහිටෙන් දැනගන්නා නිදිවර්ජිත වදක කණ්ඩායම් නිදහසේ නේවාසිකාගාර වෙත ලගාවන අතර ඔවුන් විසින් පෙරදින සවස ලබාදුන් උපදෙස් පිළිපදින නවකයන් අතර සිටින මොල සේදීමට ලක්වූ පිරිස් විසින් නේවාසිකාගාරයේ ජනේලයක යකඩ කම්බි ගලවා වධකයන්ට පහසුවෙන් ඇතුල්වීමට ඉඩ සලසා ඇත.

මෙසේ සිදුකරන්නේ රාත‍්‍රී 10 න් පසු නේවාසිකාගාරවල සියළු ඇතුල්වීමේ හා පිටවීමේ දොරටු උප ශාලාධිපතිවරුන් විසින් වසා දමා ඉබි යතුරු දමා ඇති බැවිනි.

නවකයන් පිරිස කණ්ඩායම් වශයෙන් කාමරවලට ගාල් කෙරෙන අතර නිරුවත් කර ශාරීරික ව්‍යායාම් මගින් දහඩිය වැගිරෙන තෙක් වදයට ලක් කෙරෙන ඔවුන් පසුව විවිධ පිළිකුල් සහගත ක‍්‍රියාවන්ට ලක් කරයි. ඉන් එකක් වන්නේ ගුල හෑරීම නම් ක‍්‍රියාවයි.

මෙහිදී නිරුවත් සිසුන් එකා පසුපස දණ ගසාගෙන තමා ඉදිරිපස සිටින සිසුවාගේ ගුද මාර්ගය ඇගිල්ලෙන් හෑරිය යුතුය. ධර්ම චක‍්‍රය, බඹර චක‍්‍රය, ප්ලග් ගැසීම, ලිංගික ඉරියව් නිරූපනය ආදී තවත් නොයෙකුත් අමානුෂික ක‍්‍රියාකාරකම් පැය ගණනාවක් සිදුවන අතර අළුයම් කාලයේදී සියළු දෙනා නහවා සීතලෙන් ගැහෙද්දී තෙල බෙදීම සිදුකෙරේ.

(තෙල බෙදීම යනු මහන්සි වූ සිසුන්ගේ සිරුරු තෙල්ගා පිරිමැදීම වැනි ක‍්‍රියාවක් වන බව පාඨකයා විසින් වරදවා වටහා නොගත යුතු අතර එය නිදහස් අධ්‍යාපනය ආරක්‍ෂා කර ගැනීම පිණිස සරසවි උප සංස්කෘතිය ආරක්‍ෂා කර ගැනීමේ වැදගත්කම පිලිබද කටපාඩම් කරගත් දේශනයක් බව සැලකුව මනාය.)

අනතුරුව ජ්‍යෙෂ්ඨයන් පිරිස පලායන අතර ඒ සදහා කිසිවිටෙක පැමිණි මාර්ගයම භාවිතා නොකරන්නේ රැක සිට පහරදීමක් හෝ අත්අඩංගුවට ගැනීමක් සිදුවෙතැයි යන බිය නිසාවෙනි.

ජ්‍යෙෂ්ඨයන් පිරිස තම නවාතැන් වලට ගොස් දහවල් වනතුරු නිදාගන්නා අතර දේශනවලට යන නවක සිසුන් දේශන ශාලාවල ගොරවමින් නිදාගෙන ඇතැම් අවස්ථාවල ආචාර්යවරුන්ගෙන් බැණුම් අසයි.

මෙම ක‍්‍රියාවලියම කාන්තා නේවාසිකාගාර තුලද සිදුවන අතර එහිදී කාන්තාවන්ටම විශේෂ වූ පෑනට කොපුව ගැසීම වැනි ලිංගික අඩම්තේට්ටම් රාශියක් සිදුකෙරෙන බවත් සැලකුව මනාය.

මෙම ලිපිය කියවන පාඨකයා තුල හමුදා මෙහෙයුමක් වැනි මෙතරම් සංවිධානාත්මක ක‍්‍රියාවලියක් මෙහි ඇත්තටම සිදුවනවාදැයි විශ්මයක් මතුවීමට ඉඩ ඇත.අප කියන්නේ ඔව්. ඇතැම්විට ඊටත් වඩා සංවිධානාත්මක සහ සාමූහික බවකින් යුක්තව මෙම කාර්යය සිදුවන බවයි.

මෙම සිදුවීම් සියල්ල වසර ගණනාවක් තිස්සේ නොකඩවා සිදු කර එක් රැස් කර ගත් දැනුම මත සිදු කරනා අතර සියලූම මෙහෙයුම් හා සැලසුම් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙහෙයවයි.

වදය අවසානය

නවක වද කාලසීමාවේ විටින් විට තුන්වන වසර සහ අවසන් වසර සිසුන් විසින් නවකයන් අවශ්‍ය මට්ටමට රැග් වී ඇතිදැයි පරික්‍ෂා කර බලන අතර ඔවුන් සෑහීමකට පත්වන තෙක් මෙම නවක වද ක‍්‍රියාවලිය මාසයක් දෙකක් හෝ ඊට වැඩි කාලයක් දක්වා ඇදී යයි.

අවසානයේ ඔවුන් සෑහීමට පත්ව වධදීමේ ක‍්‍රිියාවලිය අවසන් කිරීමේ නියෝගය නිකුත්කල පසු බොඩි ෆිට් එකට් යනුවෙන් ඔවුන් හදුන්වන ක‍්‍රියාවලිය සිදුවේ.

ඒ සදහා දවස් කිහිපයක් ඉවතලන ආහාර වර්ග එකතුකර වතුර මිශ‍්‍රකර පල්වෙන්නට තබයි.(මේ සදහා විවිධ විශ්වවිද්‍යාලවල සහ පීඨවල වෙනස් ආකාරයේ ජල මිශ‍්‍රණ භාවිතා කරණු ලැබේ) නවකයන් උදෑසන සිට සවස් වනතෙක් දරුණු වධදීම්වලට ලක්කරන අතර අවසානයේදී පල්වෙන්නට තැබූ අපද්‍රව්‍ය මිශ‍්‍ර ජලයෙන් එකිනෙකා නහවා උප සංස්කෘතියට බෞතීස්ම කරයි.

මෙම ක‍්‍රිියාවලියෙන් අනතුරුව නවකයන්ට උප සංස්කෘතිය යයි ඔවුන් විසින් හදුන්වා ගන්නා සීමාවන්ට යටත්ව නමුත් නිදහසේ කටයුතු කිරීමේ අවසරය හිමිවේ.

එසේ වුවත් මෙම නවක වද ක‍්‍රියාවලිය ප‍්‍රතික්ෂේප කරන හෝ වධයට භාජනය නොවූ අයවළුන්ට එම අවසරය නැත.අතලොස්සක් වන එම පිරිස් ”අලයන් හෝ “බොගාලා” වැනි ඒ ඒ විශ්වවිද්‍යාලවලට ආවේණික විවිධ අවඥාසහගත නම්වලින් හැදින්වෙන අතර ඔවුන්ට පුස්තකාල ආපනශාලා වැනි පොදු පහසුකම් භුක්තිවීදීමට සීමාවන් පැනවෙයි.

නවක වධය අවසන් කල නොහැක්කේ ඇයි ?

අපි නවක වදය නැවැත්වූවා, අපගේ ආයතන තුල නවක වදය නැතැය ප්‍රලාප දොඩමින් පාලකයන්ට ස්වයං තෘප්තියක් ලැබිය හැකි වුවත් මෙම නින්දා සහගත ක‍්‍රියාවලිය විවිධ ස්වරූපයන්ගෙන් තවමත් විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වල ක‍්‍රියාත්මක වන බව සහතික කොට කිව හැකිය.

හමුදා මෙහෙයුමකට පමණක් දෙවැනි වන සැලසුම්සහගත, සංවිධිත, සාමූහික ක‍්‍රියාවලියක් ඊට කිසිසේත් සමාන නොවන හුදෙකලා ප‍්‍රයත්නයන්ගෙන් පරාජය කල නොහැකි නිසාවෙන් මෙම ම්ලේච්ඡ ක‍්‍රියාවලිය තවමත් අඛණ්ඩව සිදුවෙයි.

යම් යම් ආචාර්යවරුන් හා නිළධාරීන් යම් යම් කාලයන්හී නවක වධය නැවැත්වීම සදහා උත්සාහයන් දරණ ලද නමුත් අවශ්‍ය අංශවල සහ පුද්ගලයන්ගේ නිසි සහයෝගය නොලැබීම සහ නිළධාරීන්ගේම පාවාදීම් හේතුවෙන් ඒවා අසාර්ථක උත්සාහයන් පමණක්ම ලෙස ඉතිහාසයට එක්ව ඇත.

නවක වදය යයි හැදින්වෙන මෙම සංකිර්ණ ක‍්‍රියාවලිය සම්බන්ධ කිසිදු පාර්ශ්වයක් විසින් මේ වන තෙක් ප‍්‍රමාණාත්මක අධ්‍යයනයක් සිදුකර නැත.ඒ නිසාවෙන්ම මෙය ක‍්‍රියාත්මක වන ආකාරය සම්බන්ධ පැහැදිලි අවබෝධයක් වගකිවයුතු පාර්ශ්වයන්ට නැත.

වගකිවයුතු කිසිවකු විසින් නවක වදය අවසන් කිරීම සදහා පැහැදිලි වැඩ පිළිවෙලක් මේ වනතෙක්ම ඉදිරිපත් කිරීමට කටයුතු කර නැති බවද සැලකුව මනාය.

නීතියට අනුව නවක වදය දඩුවම් ලැබිය හැකි බරපතල වරදකි. 1988 අංක 2 දරණ විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල නවක වදය වෙනත් ආකාරයේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා තහනම් කිරීමේ පනත මගින් නවක වධයට එරෙහිව ප‍්‍රභල නීතිමය ප‍්‍රතිපාදනයන් සලසා ඇත.

එයට අනුව නවක වදය ඇප නොමැතිව බන්ධනාගාර ගත කිරීමට ලක්විය හැකි වරදකි.

1988 සිට ගතවූ වසර 31 කාලය තුල නවක වදය එරෙහිව මෙම පනතේ ප‍්‍රතිපාදනයන් පොලීසිය මගින් භාවිතයට ගත් අවස්ථාවන් අතේ ඇගිලි ගණනටත් අඩු බව අපගේ හැගීමයි.

නවක වදයට විශේෂයෙන් අදාල මෙම පනතේ ප‍්‍රතිපාදනයන් පොලීසිය විසින් භාවිතයට නොගැනීම නවක වදය මේසා දරුණු ලෙස ස්ථාපිත වීමට බලපාන ප‍්‍රධානම හේතුව බව අපගේ නිරීක්‍ෂණයයි.

පාතාලයන් මහ දවල් දෙනෝ දාහක් මැද මිනිසුන් මැරුවත් එයට එරෙහිව සාක්‍ෂිදීමට කිසිවකු ඉදිරිපත් වන්නේ නැත.එසේම නවක වදය සම්බන්ධ සිදුවීම්වලට අදාල සාක්‍ෂි කිසිදින ඉදිරිපත් වන්නේ නැත.

කිසිවකු සාක්‍ෂි දීමට ඉදිරිපත් වුවහොත් ඔහු දහස් ගණනක් නවක වද හිතවාදීන් අතරේ භයානක සතුරෙකු බවට පත්වේ. ඇනුම්පද කීමේ සහ කොන් කිරීමේ සිට අමානුෂික ලෙස වටකර පහරදීමේ ප‍්‍රතික‍්‍රියාවන්ට තනිවම මුහුණ දීමට ඔහුට සිදුවනවා ඇත.

තම උපාධිය හා ජීවිත ආරක්‍ෂාව සමාජ සාධාරණත්වය වෙනුවෙන් උගසට තැබීමට කිසිවකු එඩිතර වන්නේ නැත. එනිසා අදටත් නවක වද සිදුවීම්වලට සාක්‍ෂි සොයාගැනීම දුෂ්කරය.

එමගින් පැහැදිලිව වන්නේ බලධාරීන් යල්පැන ගිය ක‍්‍රමවේද වල එල්බ නොසිට නව මාර්ග සෙවිය යුතු බව නොවේද?

නවක වද සිදුවීමක් වාර්ථා වූ වහාම අවවාද කිරීමේ සිට ශිෂ්‍ය භාවය අවසන් කිරීම දක්වා දඩුවම් පැමිණවීම් සිදුකල හැකි නමුත් මෙම නීති පීඩකයන්ට එරෙහිව ක‍්‍රියාත්මක වන්නේ ඉතා සුමට ලෙසය.

දරුණු නවක වධ සිදුවීමකදී වුවත් බොහෝවිට සිදුවන්නේ ශිෂ්‍ය සංගමය විසින් සිදුකරන උද්ඝෝෂණයකින් හෝ පිකටිං කිරීමකින් පසු පරිපාලනය විසින් දඩුවම කොන්දේසි විරහිතව හකුලා ගැනීමයි. ඉන්පසුව පැමිණිලි කල නවකයාට දෙයියන්ගේ පිහිටය.

සිදුවීමකට අවශ්‍ය සාක්‍ෂි සොයාගැනීමේදී වර්ථමානයේ බොහෝවිට අවධාණය යොමු වන්නේ CCTV දර්ශන වෙතයි. එහෙත් විශ්වවිදයාල තුල CCTV සවිකිරීමට ශිෂ්‍ය සංගම් මාරාන්තික ලෙස විරුද්ධය.

එයට අදාල සැගවුන හේතුව මෙහි පෙර සදහන් කල පරිදි ශිෂ්‍ය සංගම් සහ නවක වදය අතර ඇති අවියෝජනීය සම්බන්ධය බවට සැකයක් නැත.

විශ්වවිද්‍යාල බලධාරීන් නවක වධය සම්බන්ධ ක‍්‍රියාත්මක වීමේදී සෑමවිටම ශිෂ්‍යයන්ට පසුපසින් සිටීම මෙය දළුලා වැඩිමට බලපාන තවත් ප‍්‍රභල හේතුවකි.

සිසුන් වසරකට පෙර සිට ඉදිරි වසරේ නවක වධය සම්බන්ධ පිඹුරුපත් සකස් කරන විට බලධාරීන් ඒ පිලිබදව සාකච්ඡාවක්වත් කැදවන්නේ නවකයන් පිරිස සරසවියට පැමිණීමෙන් පසුය.ඉතිං නවක වදය නැවැත්විය හැකිද?

නවක වධය නිදහසේ දළුලා වැඞීමට විශ්වවිද්‍යාල පාලකයන් සහ නිළධාරීන්ගේ ආකල්පද බලපාන අතර සමාජවාදී අදහස් දරනා ඇතැම් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ නිළධාරීන් නවකවදය පැවතිය යුතුයැයි ප්‍රතිගාමී මත දැරීමත් ශිෂ්‍යන් සමග ඒවා විවෘතව ප‍්‍රකාශ කිරීමත් දක්නට ලැබේ. මෙය පනින රිලවුන්ට ඉනිමං බැදීමක් බව නොකිවමනාය.

අවසන් වශයෙන් කිව යුත්තේ කිසිවෙකුට නවක වධය අවසන් කිරීමට සැබෑ අවශ්‍යතාවක් ඇත්නම් සිදුකල යුත්තේ මෙම ප‍්‍රභල, සැලසුම්සහගත, සාමූහික, උපක‍්‍රමික ක‍්‍රිියාවලිය සම්බන්ධව අලියාගේ හැඩරුව සෙවූ අන්ධයන් පිරිස මෙන් අදුරේ අතපත නොගා සැබෑ තොරතුරු එක්රැස්කර ගැනීමට නවීන උපක‍්‍රම භාවිතා කරමින් එසේ රැස් කරගන්නා තොරතුරු මත පදනම්ව අභියෝගයට සරිලන සැලසුම්සහගත ක‍්‍රියාවලියක් සකස් කරගත යුතු බවයි.

Related Articles

One Comment

  1. මෙයට පිලියමක් ලෙස එක් එක් වසර සදහා වෙන වෙනම විශ්ව විද්‍යාල ඇති කිරීම උදාහරණයක් ලෙස පලමු වසර සදහා රුහුණු , දෙවන වසර සදහා කැළණිය ඊලඟ වසර සදහා සබරගමුව වශයෙන් අමානුෂික නවක වදයට වඩා වසරින් වසර විශ්ව විද්‍යාල මාරු කිරීමට සිසුන් කැමති වේවි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button