ලංකාවේ පාසල් සිසුවියක් ලෝකයම වෙනස් කරයි – පොලිතීන් ලන්ච් ශීට් වෙනුවට ආදේශකයක් නිපදවලා

පරිසර හිතකාමී, නැවත නැවතත් භාවිතා කළ හැකි පහසු ආහාර අසුරනයක් නිපද වූ පාසල් සිසුවියක් පිළිබඳ වාර්තා වේ. ඒ රත්නපුර, ගෝනකුඹුර පදිංචි තරුෂි විදුෂිකා රාජපක්ෂ නම් පාසල් සිසුවියකි.
නව නිපැයුම සිදු කළ තරුණ ව්‍යවසායිකාව පසුගියදා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයේදී විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ හමු වී තම නව නිෂ්පාදනය ප්‍රවර්ධනය පිණිස සහාය ඉල්ලා සිටීම විශේෂත්වයකි.
ඇය නිපද වූ මෙම පහසු ආහාර අසුරනය ‘ලන්ච් ෂීට්‘ සඳහා ආදේශකයක් සේම ආහාර රැගෙන යන ප්ලාස්ටික් බදුනට ද ආදේශකයක් ලෙස යොදාගත හැකිය.
තරුෂි විදුෂිකාගේ නව නිපැයුම ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් පවත්වනු ලබන ‘සහසක් නිමැයුම් 2018‘ තරගාවලියේදී රන් පදක්කමත් සහ 2019 කොරියානු තරුණ ඔලිම්පියාඞ් තරගාවලියේදී රිදී පදක්කමක් ද දිනාගෙන තිබේ.
එමෙන්ම ඇයගේ පරිසර හිතකාමි නව නිෂ්පාදනය දින 90ක කාලයක් සඳහා භාවිතා කළ හැකි අතර මිල රුපියල් 200.00 කි.
මෙහිදී ඇයට සාවදානව සවන් දුන් විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ ඇයට සුභ පතමින් පැවසූවේ පාසල් දරුවන්, කාර්යාල සේවකයන් ඇතුළු පිරිස් වෙත මෙම නිෂ්පාදනය ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවය.