60 හැවිරිදි කෝටිපති ඩුබායි කාන්තාව සමග ප්‍රේම සම්බන්ධයක් අරඹා කෝටි තුනක රන් භාණ්ඩ වලට විඳපු ශ්‍රී ලාංකික තරුණයා.!

ඩුබායි දේශයේ පදිංචි කෝටිපති කාන්තාවකගේ නිවසින් රුපියල් කෝටි 3 1/2ක රන් අභරණ සහ රුපියල් ලක්ෂ 10ක විදේශ මුදල් සොරාගෙන ශ්‍රී ලංකාවට පැමිණි බව කියන තරුණයෙකු පිළිබඳ වාර්තා වේ.
මෙම පුද්ගලයා අදාල ඩුබායි ජාතික 60 හැවිරිදි ධනවත් විවාහක කාන්තාවගේ නිවසේ සේවය කරමින් සිටිනා අතරතුර ඇය සමග හිතවත් වී තිබේ.
ඉන්පසුව මෙම ශ්‍රී ලාංකික තරුණයා ඇය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇත. අනතුරුව එම ඩුබායි ජාතික විවාහක කාන්තාව ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කර ඇත.
මෙම වකවානුවේ සැකකරු ධනවත් කතගේ රන් අභරණ සහ විදේශ මුදල් සොරාගෙන ශ්‍රී ලංකාවට හොර රහසේ පැමිණ ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පැමිණිල්ල මෙහෙය විය. ඒ අනුව සැකකාර තරුණයා දෙසැම්බර් 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.
මෙහිදි රක්ෂිත බන්ධනාගාරගත කළ තරුණයා තිස් හැවිරිදි අවිවාහකයෙකි.