BREAKING NEWSEDITOR'S COLUMNOFF ROADPOLITICSSOCIAL MEDIA PICKSVIRAL NEWS

ශ්‍රී ලංකාවේ ෆේස්බුක් නියෝජිතයා එජාප මහලේකම්ගේ පුතා – විපක්ෂය ඉලක්ක කර ෆේස්බුක් මර්ධනයක්.!

ශ්‍රී ලංකාව තුල විපක්ෂ දේශපාලන මතධාරීන් ඉලක්ක කරගෙන ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ සිදුවන මර්ධනයක් පිළිබඳව කලක පටන් කතාබහට ලක්විය.

විශේෂයෙන්ම රජය විවේචනය කළ ෆේස්බුක් පිටු හා ෆේස්බුක් ගිණුම්, ෆේස්බුක් වෙබ් අඩවියෙන් එක්වරම ඉවත් විම සමාජයේ දැඩි ආන්දෝලනයට ලක්විය.

සංගීත ශිල්පී ඉරාජ් වීරරත්නගේ ෆේස්බුක් පිටුවද පසුගිය සමයේ ෆේස්බුක් වෙබ් අඩවියෙන් ඉවත් කළ අතර ඉරාජ් වීරරත්න ෆේස්බුක් මූලස්ථානයට සිදු කළ පැමිණිල්ලකින් පසුව ඔහුට නැවතත් සිය ෆේස්බුක් පිටුව ලබා ගැනීමට හැකිවිය.

සැබැවින්ම මේ සියලූම සිදුවීම් අහඹුවක්ද ? එසේත් නොමැති නම් සංවිධානාත්මක කුමන්ත්‍රණයක්ද ?

ෆේස්බුක් ආයතනය ශ්‍රී ලංකා රජය සමග සෘජූ සම්බන්ධතා අරඹන්නේ 2018 වසරේ ඇතිවූ දිගන – තෙල්දෙනිය ගැටුමෙන් පසුවය. සිය පාලනයට දැඩිව තර්ජනයක් වූ සමාජජාලා වාරණය කිරීමට ශ්‍රී ලංකා රජය මෙම ගැටුම යොදාගත්තේය.

එහිදි ශ්‍රී ලංකා රජය විසින් ෆේස්බුක් ආයතනයට චෝදනා කළේ ෆේස්බුක්හී පළවූ වෛරී ප්‍රකාශ ෆේස්බුක් ආයතනය විසින් ඉවත් නොකිරීම මෙම ගැටුම වර්ධනය වීමට හේතුව වූ බවයි. ෆේස්බුක් ආයතනයේ සිංහල භාෂාව කියවිය හැකි සම්පත් දායකයන් නොසිටීම එම අතපසුවීමට හේතුව ලෙසට ෆේස්බුක් ආයතනය පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාවෙන් ෆේස්බුක් ආයතනයට නියෝජිතයන් බඳවා ගත්තේ එයට පිළිමයක් ලෙසය. සිංහල භාෂාවෙන් පළවන දෑ නිරීක්ෂණය හා පාලනය ඔවුන්ගේ වගකීම් වූවා. ශ්‍රී ලංකාවෙන් ෆේස්බුක් ආයතනයට පත් කරගන්නා නියෝජිතයන් යෝජනා කිරීමට ෆේස්බුක් ආයතනය අවස්තාව ලබා දුන්නේ ශ්‍රී ලංකා රජයටයි.

එහිදී පෙරට ආ ආගමැති රනිල් වික්‍රමසිංහත් මංගල සමරවීර හා පාඨලී චම්පික රණවක අමාත්‍යවරුත් ඉතා උපක්‍රමශීලිව සිය කාර්යමණ්ඩලයන්හි සේවය කළ එජාප පාක්ෂිකයන් මේ සඳහා ෆේස්බුක් ආයතනයට යෝජනා කළා.

මේ අනුව ෆේස්බුක් ආයතනය විසින් සිංහල පළකිරීම් නියාමනය කිරීමට ශ්‍රී ලංකාවෙන් නියෝජිතයන් බඳවා ගත් අතර ඔවුන් සෑම දෙනාම ඒක පාර්ශවික එක්සත් ජාතික පාක්ෂිකයන් වූවා.

මේ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන ෆේස්බුක් නියෝජිතයා සහ සිංහල පළකිරීම් සම්බන්ධ ප්‍රධාන නිළධාරියා ලෙස පත් වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ අගමැති කාර්ය මණ්ඩලයේ සේවය කරමින් සිටි සෙනුර අබේවර්ධනය. සෙනුර අබේවර්ධන යනු එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හර්ෂ අබේවර්ධනගේ පුත්‍රයා වීම විශේෂය. සෙනුර කෝට්ටේ ආසනයේ එක්සත් ජාතික පක්ෂ තරුණ පෙරමුණු සභාපතිවරයා ලෙසද කටයුතු කිරීම විශේෂත්වයකි.

එතැන් පටන් ශ්‍රී ලංකාවේ ෆේස්බුක් අඩවියේ ආණ්ඩු විරෝධි පළකිරීම් වාරණය වීම සිදු වන්නේ සෙනුර අබේවර්ධනගේ මූලිකත්වයෙනි. එමගින් ෆේස්බුක් වෙබ් අඩවිය සම්පූර්ණයෙන් අවහිර නොකොට තමන්ට අහිතකර පළකිරීම් පමණක් ඉවත් කරමින් එජාපය ඉතා උපක්‍රමශීලි ලෙස සමාජජාලා වාරණයක නිරත වෙමින් සිටියි.

මෙලෙස තමන්ගේ ෆේස්බුක් ගිණුම් හා පිටු ඉවත් වන්නේ සැබැවින්ම ෆේස්බුක්හි සිදුවන වාරණයක් නිසා නොවන බව මෙරට සාමාන්‍ය ෆේස්බුක් පාරිශීලකයන් දන්නේ නැත.

එපමණක් නොව තමන් විසින් වැටුප් ගෙවනා ශ්‍රී ලංකාවේ නියෝජිතයන් මෙලෙසට වංචාවක් සිදු කරනා බව ෆේස්බුක් මවු ආයතනය දැනුවත්ද නැත. එයට හොදම උදාහරණය වන්නේ ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව ඉවත් කළ පසුබිමක ඉරාජ් විසින් නැවතත් සිය ෆේස්බුක් පිටුව ලබා ගන්නේ ෆේස්බුක් මවු ආයතනයට සිදු කරනා සවිස්තරාත්මක පැමිණිල්ලක් හේතුවෙනි.

ඉරාජ්ගේ එම පැමිණිල්ල හේතුවෙන් ශ්‍රී ලංකාවේ ෆේස්බුක් නියෝජිතයන් කිහිප දෙනෙකුට රැකියා අහිමි වීමද විශේෂත්වයකි. මන්දයත් ෆේස්බුක්හි පළකිරීම් නියාමනය කරනා නිළධාරීන් එය සිදු කළ යුත්තේ ඉතාමත් අපක්ෂපාතී බවෙන් වීම ෆේස්බුක් ප්‍රතිපත්තිය වීම නිසාය. කිසිදු දේශපාලන පක්ෂයකට හෝ හිතවතෙකුට පක්ෂග්‍රාහී ලෙස කටයුතු කිරීමට ඔවුන්ට නොහැකිය.

කෙසේ වෙතත් තවමත් සෙනුර අබේවර්ධන ඇතුලු කිහිප දෙනෙක් ෆේස්බුක් ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිතයන් ලෙසට රාජකාරි කරමින් මැතිවරණ කාලසීමාවක මෙරට විපක්ෂ මතධාරීන් සොයා ෆේස්බුක් දඩයමක නිරත වී සිටියි.

මේ අතර ශ්‍රී ලංකාවේ ෆේස්බුක් ප්‍රධානී සෙනුර අබේවර්ධන පිළිබඳව සහ රජය විසින් පත් කළ ශ්‍රී ලංකාවේ ෆේස්බුක් නියෝජිතයන් විසින් සිදු කරමින් පවතින සමාජජාලා දඩයම පිළිබඳ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කාංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ.

එහිදී කාංචන විජේසේකර මන්ත්‍රීවරයා පෙන්වා දී තිබුනේ එජාප හිටපු මහලේකම් හර්ෂ අබේවර්ධනගේ පුත්‍රයා වන සෙනුර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ෆේස්බුක් දඩයමක් ක්‍රියාත්මක වන බවයි. එහිදී මන්ත්‍රීවරයා සිය ට්විටර් පණිවිඩයට ෆේස්බුක් මවු ආයතනයද සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත් මැතිවරණ සමයක සිය දේශපාලන මතවාද ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ ෆේස්බුක් නියෝජිතයන් විසින් සිදු කරනා මර්ධනය පිළිබඳ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලිපි ශීර්ෂ වලින් සවිස්තරාත්මක පැමිණිල්ලක් ෆේස්බුක් මවු ආයතනයට සිදු කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ තරුණ කණ්ඩායම විසින් සුදානම් කරමින් පවතින බව වාර්තා වෙනවා.

ඔවුන් මේ වනවිටත් විශේෂඥ කණ්ඩායමක සහය ලබා ගෙන සෙනුර අබේවර්ධන ඇතුලු කණ්ඩායම ෆේස්බුක් අඩවියෙන් ඉවත් කළ එහෙත් ෆේස්බුක් නීති රෙගුලාසි වලට අනුකූල දේශපාලන මත රැගත් පළකිරීම්, පිටු හා ගිණුම් එකතුවක් සාදා සිය පැමිණිල්ල ගොනු කරමින් සිටින බවද වාර්තා වේ. එමගින් මෙරට ෆේස්බුක් වෙබ් අඩවිය සියලූම මතයන්ට නැවතත් නිදහස් අවකාශයක් කිරීම සිය අරමුණ ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරයෙක් Lanka Mag වෙත ප්‍රකාශ කළා.

කාංචන විජේසේකර මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමේ තැබූ සටහන,

ෆේස්බුක් දඩයම
ෆේස්බුක් දඩයම

Related Articles

One Comment

  1. බලපුවාම UNP එකේ ඉන්ටන් පට්ට වැඩ්ඩෝ ටිකක්නේ. මාර්ක් ෂකර්බර්ගේත් කනෙන් රිංගලා. මම නම් හිතන්නේ මෝඩ හිපාටු රැලකට වඩා වැඩකාරයෝ ටිකක් ඉන්න පක්ෂයකට ඡන්දේ දෙන එක වටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button