BREAKING NEWSEXCLUSIVE
සුභ ආරංචියක් – වඳවී ගියා යැයි සැලකූ ශ්රී ලංකා කළු දිවියා නැවතත් හමුවේ

ශ්රී ලංකාවේ වන ජීවින් අතරින් සුවිශේෂීම සත්ත්වයෙක් වූයේ ශ්රී ලංකා කළු දිවියායි.
ලොව පුරා සත්ත්වවේදීන්ගේ ආකර්ෂණයට ලක් වූ ශ්රී ලංකා කළු දිවියා මෙතෙක් සැළකුනේ වඳ වී ගිය සත්ත්වයෙකු ලෙසටයි.
ඒ මින්පෙර ශ්රී ලංකාවේ අවසන් කළු දිවියා ලෙස සැලකුනු සත්ත්වයාත් පිටදෙනිය ප්රදේශයෙදී උගුලකට හසු වී මිය ගොස් තිබීමත් සමගයි.
කෙසේ වෙතත් මේ දිනවල මෙරට වන ජීවින් සංගණනයක නිරත වෙමින් සිටිනා වනජීවි දෙපාර්තමේන්තුව නැවතත් කළු දිවියෙකුගේ දර්ශන ඔවුන්ගේ පරීක්ෂණ කැමරාවන්ට හසු කර ගැනීමට සමත්ව තිබේ.
ඒ අනුව මෙතෙක් වඳ වී ගියා යැයි සැලකුණු ශ්රී ලාංකික කළු දිවියා තවමත් ශ්රී ලංකාවේ ජීවත් වන බවට සාක්ෂි සහිතව ඔප්පු වේ.
මෙය සමස්ථ ශ්රී ලංකාවටම ඉතාම ප්රීතිදායක සුභ ආරංචියක් බව පරිසරවේදීන් පවසයි.