BREAKING NEWSEXCLUSIVE
කොරෝනා වෛරසයෙන් මව්බිම රැක ගන්න ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් පියවර රැසක්

නව කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වන විටත් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ආසියානු පැසිපික් කලාපයේ මේ වන විට පැතිර යමින් පවතින නව කොරෝනා වෛරසයෙන් ගුවන් මඟීන්ට සහ ගුවන් කාර්ය මණ්ඩලයට ඇතිවිය හැකි ආසාදන අවදානම අවම කිරීම සඳහා පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාවට නංවා ඇති බවත් එම සමාගම පවසනවා.
මෙම වෛරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් කාර්ය මණ්ඩලය සහ අනෙකුත් අදාළ කාර්ය මණ්ඩලද, ගුවන් යානා තුළ සහ ගුවන් තොටුපළවල් තුළ විශේෂයෙන් ආසියානු පැසිපික් කලාපය තුළදී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් මේ වන විටත් දැනුවත් කර ඇති බවත් සඳහන්.
මෙම තත්ත්වය දිගටම අධීක්ෂණය කරන ගුවන් සේවා, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ බලධාරීන් හා සම්බන්ධ වී කටයුතු කරන බවත් එම ගුවන් සමාගම තවදුරටත් කියයි.