CRICKETSPORTS

ජ්‍යේෂ්ඨයන් නොමැතිව ක්‍රීඩා කළ යොවුන් කණ්ඩායමෙන් සුපිරි දස්කම්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැති තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

මින් පෙර තරග රාශියක් පරාජය වූවද කණ්ඩායමේ ස්ථාන හිමිව තිබූ ජ්‍යේෂ්ඨයන් සියල්ල ඉවත් කර යොවුන් දසුන් ශානක ප්‍රමුඛ කණ්ඩායමකට මෙම තරගාවලියේ අවස්තාව හිමි වුනි. ඒ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් ආරක්ෂක හේතුන් මත පාකිස්තාන සංචාරය ප්‍රතික්ෂේප කිරීමත් සමගය.

මේ අනුව දසුන් ශානකට ශ්‍රී ලංකාව මෙහෙයවීමේ වගකීම පැවරුණි. සිය වගකීම අකුරටම ඉටු කළ දසුන් සුපි‍රි නායකත්වයක් දැක්වීම කැපී පෙනුනි.

මේ නෞව පාකිස්තාන කණ්ඩායම සමග පැවැති තෙවන විස්සයි විස්ස තරගයත් ලකුණු 13 කින් ජයගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ (09) රාති‍්‍රයේ සමත්වුණා.

ඒ,ලොව අංක එකේ විස්සයි විස්ස කි‍්‍රකට් කණ්ඩායමට පූර්ණ තරගාවලි පරාජයක් අත්කර දෙමින්. මෙය ශී‍්‍ර ලංකාව 3 ට 0 ක් ලෙස විස්සයි විස්ස පූර්ණ තරගාවලි ජයග‍්‍රහණයක් වාර්තා කළ පළමු අවස්ථාව ලෙස ද ඉතිහාසයට එක්වනවා.

ඊයේ පැවැති තරගයේදී කාසියේ වාසිය හිමිකර ගත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

එහිදි සිය ප්‍රථම විස්සයි විස්ස තරගයට සහභාගී වෙමින් අංක 05 පිතිකරු ලෙස පිටියට පිවිසි ඕෂධ ප‍්‍රනාන්දු සිය වගකීම් මනාව ඉටු කරමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 78 ක් රැස් කළා. ඒ, හතරේ පහර 08 ක් සහ හයේ පහර 03 ක්ද සමගයි.

ඒ අනුව ශ‍්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 07 ක් දැවී ලකුණු 147 ක් රැස්කිරීමට සමත්වුණා.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 20 තුළ රැස්කිරීමට හැකිවූයේ කඩුළු 06 ක් දැවී ලකුණු 134 ක් පමණයි.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා සම්මාන වනිිඳු හසරංග විසින් හිමිකර ගත්තා.

කෙසේ වෙතත් එළඹෙන තරගාවලියේ සිට ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් වන නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් කණ්ඩායමට එක්වීමට නියමිත බව වාර්තා වෙනවා. මේ අනුව මෙම තරගාවලිය පුරා කඩුලු රකින්නෙක් සහ පිතිකරුවෙක් ලෙස දස්කම් දැක්වූ යොවුන් ක්‍රීඩක මිනෝද් භානුක සංචිතයෙන් ඉවත් වීමේ ඉඩක් පවතින බව වාර්තා වෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button