
නේපාලයේ කත්මන්ඩු නගරයේ පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ඉතිහාසිගත රන් පදක්කමක් ශ්‍රී ලංකාවට හිමි වුනා.
සාග් ඉතිහාසයේ පළමු වරට බැඞ්මින්ටන් කාන්තා යුගල ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දෙමින් ශී‍්‍ර ලංකාවට එම ගෞරවය ගෙන ආවේ තිළිණි හෙන්දහේවා සහ කවිඳි ඉෂාදිකා විසින්. ඒ, ශී‍්‍ර ලංකාවේම කී‍්‍රඩිකාවන් දෙදෙනෙකු පරාජය කරමින් වීම විශේෂත්වයක්.
ඒ අනුව, එම ඉසව්වේ රිදී පදක්කම හිමි වූයේ ද ශී‍්‍ර ලංකාවටයි.මෙම ඉසව්වේ රිදී පදක්කම ශී‍්‍ර ලංකාවට හිමිකර දුන්නේ අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා විසින්.
සාග් කී‍්‍රඩා ඉතිහාසයේ බැඞ්මින්ටන් කාන්තා යුගල ඉසව්වේ රන් පදක්කම සඳහා ශී‍්‍ර ලාංකික කී‍්‍රඩිකාවන් සිව් දෙනෙකු තරග වැදුණු පළමු අවස්ථාව ද මෙය වනවා.
මේ වනවිට ශී‍්‍ර ලංකාව මෙම තරඟාවලියේදී රන් පදක්කම් 23 ක්, රිදී පදක්කම් 42 ක් සහ ලෝකඩ පදක්කම් 69 ක් හිමි කරගෙන පදක්කම් සටහනේ 03 වන ස්ථානය හිමි කරගෙන සිටිනවා.
එහි පළමු ස්ථානය ඉන්දියාව හිමි කරගෙන ඇති අතර දෙවන ස්ථානයේ රැදී සිටින්නේ සත්කාරක නේපාලයයි.
සාග් පදක්කම් සටහන පහතින්,