CRICKETSPORTS

ශ්‍රී ලංකාවට නැවතත් බංග්ලාදේශය සමග තරගාවලියක්

නැවත වරක් බංග්ලාදේශය සමග සංවිධානය කළ ක්‍රිකට් තරගාවලියට එරට ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් සුබවාදී ප‍්‍රතිචාරයක් ලැබි ඇති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා.

දෙරට අතර ටෙස්ට් තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව ශ‍්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව සිදු කිරීම සදහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට ලබන සතියේ සෞඛ්‍ය බලධාරීන් සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරින් සමග සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලිය සහභාගි වන බංග්ලාදේශ කණ්ඩායම සැප්තැම්බර් මස අවසානයේදී දිවයිනට පැමිණිමට නියමිතයි.

මෙම තරගාවලිය ටෙස්ට් තරග දෙකක් පල්ලේකැලේ ක‍්‍රීඩාංගණයේදී හා එක් තරගයක් කොළඹ SSC පිටියේ පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත් පසුගිය සමයේම ශ්‍රී ලංකාව ඉන්දියාව – බංග්ලාදේශය වැනි රටවල් සමග වැඩි වශයෙන් ක්‍රීඩා කළ අතර එංගලන්තය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් සමග තරගාවලි සංවිධානය වූයේ ඉතා අවම වශයෙන්.

මෑත යුගයේ එතරම් දස්කම් අතර නොමැති ශ්‍රී ලංකාවට තරගාවලි ලබා දීමට එම රටවල් මැලිවීම එයට ප්‍රධාන හේතුවක්.

සබැඳි පුවත් :

වැඩක් නොකර මසකට ලක්ෂ 70ක වැටුපක් ලබනා හතුරුසිංහගේ වික්‍රමය

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button