ශ්‍රී ලංකාව පෞද්ගලිකත්වය සහ දත්ත ආරක්ෂණය සම්බන්ධව ඒකාබද්ධ ප්රකාශනයට අත්සන් තබයි

ශ්‍රී ලංකාව පෞද්ගලිකත්වය සහ දත්ත ආරක්ෂණය සම්බන්ධව යුරෝපා සංගමය, ඕස්ට්‍රේලියාව, කොමෝරෝස්, ඉන්දියාව, ජපානය, මොරිෂස්, නවසීලන්තය, දකුණු කොරියාව සහ සිංගප්පූරුව යන රටවල් සමඟ ඒකාබද්ධ ප්රකාශනයට අත්සන් තබයි.
යුරෝපා සංගමයේ රටවල් 27 ක සහ ඉන්දු පැසිෆික් කලාපයේ රටවල් 30 ක විදේශ අමාත්‍යවරුන් එක්රැස් කරමින් පසුගිය 22 වනදා පැරීසියේදී පැවැත්වුනු ඉන්දු-පැසිෆික් කලාපයේ සහයෝගීතාව සඳහා වූ අමාත්‍යවරුන්ගේ සංසදයේදී මෙය සිදු විය.
ශ්‍රී ලංකාව මෙම ප්රකාශනයට අත්සන් තැබීමට හේතු වූයේ, දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අපගේ දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පතට අනුකූල වන නිසාත් පුද්ගලික දත්තවල රහස්‍යතාව සහ ආරක්ෂාව සඳහා ඇති අයිතිය තහවුරු කරමින් විශ්වාසයෙන් යුතුව දත්ත නිදහසේ ගලායාම තහවුරු කිරීමට අප දැඩි ලෙස කැපවී සිටින බැවිනි. ශ්‍රී ලංකාව වර්තමානයේ ඩිජිටල් පරිවර්තනයක සහ ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමනක යෙදී සිටින බැවින් මෙය ඒ සඳහා අත්‍යවශ්‍යයෙන් තැබූ පියවරක් ලෙස සැලකිය හැකිය.