BREAKING NEWSEXCLUSIVE

කොවිඩ් මරණ අනූව ලංකාව ලෝකෙන්ම 09 වන තැනට

දෛනික කොවිඩ් මරණ, සමස්ත ජනගහනයෙන් මිලියනයකට කොපමණ යන්න සැලකීමේදී ශ්‍රී ලංකාව ලෝකයේ 9 වන ස්ථානයට පැමිණ ඇති බව වර්ල්ඩොමීටර්ස් වෙබ් අඩවිය සදහන් කරනවා.

ජනගහනයට සාපේක්ෂව සැලකීමේදී ආසියානු රටවල් අතර ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින්නේ ඉරානය හා මැලේසියාව පමණක්වුවද එම රටවල කොවිඩ් මරණ අනුපාතයත් ශ්‍රී ලංකාවේ අනුපාතයට සමාන වීම විශේෂත්වයකි.

අඛණ්ඩව 05 වන දිනටත් දෛනික කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 150 සීමාව පසු කරමින් අගෝස්තු 15 වනදා සිදුවූ කොවිඩ් මරණ167 ක් රජය ඊයේ (16)වාර්තා කළේය.

ගෙවුණු දින 07 තුළ රජය වාර්තා කළ දෛනික ආසාදිතයින් ගණනට සාපේක්ෂව සිදුව ඇති දෛනික කොවිඩ් මරණ සැලකීමේදී එම ප්‍රතිශතය 5% ට ආසන්නව පවතී.

පසුගිය අප්‍රේල් මස ආරම්භ වූ කොවිඩ් තුන්වන රැල්ලේදී ආසාදිතයින් අතර බහුලවම ව්‍යාප්තව තිබුණේ ඇල්ෆා හෙවත් බ්‍රිතාන්‍යකොවිඩ් ප්‍රභේදයයි.

කෙසේවෙතත් පසුගිය මැයි හා ජූනි මාසවලදී ඩෙල්ටා හෙවත් ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින්ගේ සීඝ්‍ර ව්‍යාප්තියක්පෙන්නුම් කෙරුණි

අද වනවිට මෙරට මූලික ප්‍රභේදය බවට පත්ව ඇති ඩෙල්ටා ප්‍රභේදයේ SA222V , SA701S හා SA1078S යන ප්‍රධාන විකෘතීන් තුනක් මෙරටින් හඳුනාගෙන ඇති බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණ විය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button