BREAKING NEWSEXCLUSIVEPOLITICS

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සැරසෙයි..!

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය තාක්ෂණික උපදෙස් සඳහා ජාත්‍යන්තර නීති ආයතනයක සේවය ලබාගැනීමට බලධාරීන් තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

මෙරට මුහුණදී ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගතයුතු පියවර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට කටයුතු සම්පාදනය කෙරෙමින් පවතිනවා.

එය අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමට සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවේදී තොරතුරු හෙළිදරව් වුනා.

ගෙවීගිය වසර දෙක තුළදී ශ්‍රී ලංකාවේ විනිමය සංචිත 70%කින් පමණ පහළ ගොස් ඇති අතර එම අගය මේ වනවිට ඩොලර් බිලියන 2.31ක් බව සදහන්.. මේ වසර තුළදී ශ්‍රී ලංකාව විසින් පියවිය යුතු රාජ්‍ය ණය ඩොලර් බිලියන 4ක් ලෙසින් දැක්වෙනවා.

මේ අතර කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ පැවසුවේ ශ්‍රී ලංකාව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් “තාක්ෂණ උපදේශකවරයෙක්” පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවය.

එම තෝරාගැනීම් කටයුතු අධීක්ෂණය සඳහා මහ බැංකු අධිපතිවරයා, විදෙස් සහ අධිකරණ අමාත්‍යවරු පත්කර තිබේ.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන මස අමෙරිකාවේ වොෂිංටන් බලා පිටත්වීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button