BREAKING NEWSEXCLUSIVE

ක්‍රිප්ටොකරන්සි හා බ්ලොක්චේන් සදහා ශ්‍රී ලංකාව විවෘත කරයි..

සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනූව බ්ලොක්චේන් තාක්ෂණය ක්‍රිප්ටො කරන්සි මයිනින් සදහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සේවා සැපයීමට සමාගම් වලට ශ්‍රී ලංකාවේ ආයෝජනයට අනුමැතිය ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.

වර්තමානයේ ඩිජිටල් ව්‍යාපාරික පරිසර පද්ධතියක් ඇති කිරීම පහසු කිරීම පිණිස ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි මයිනින් සහ අවශ්‍ය අනෙකුත් සේවාවන් සැපයීම යන ක්ෂේත්‍ර ඇතුළත්ව ඒකාබද්ධ පද්ධතියක් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, එකී ක්ෂේත්‍රයන්හි කටයුතු කරන සමාගම් වෙත ආයෝජනයන් ආකර්ශනය කර ගැනීම සඳහා අවශ්‍ය අණපනත්, නීතිරීති හා රෙගුලාසි පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත අවශ්‍ය කරුණු වාර්තා කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි නිපුණ වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමටත්, 1978 අංක 4 දරන ආයෝජන මණ්ඩල පනත සහ ඊට අදාළ සංශෝධනයන්හි විධිවිධානයන්ට යටත්ව, ක්‍රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා අනුමැතිය ලබා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලයට අවසර ලබා දීමටත් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button