BREAKING NEWSEXCLUSIVE

ආසියානු කලාපයේ සංචාරයට හොදම රට ලංකාව..

කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ ලෝක සංචාරක කවුන්සිලය විසින් ආසියානු කලාපයේ සංචාරයට සුදුසු‍ ආරක්ෂිතම රට ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇති බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය කියා සිටියා.

විදේශිය සංචාරකයින් සඳහා රට විවෘත කිරීමත් සමග ගතවු මාස 3ක කාලය තුළ සංචාරකයින්ගේ පැමිණිමේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

ඒ අනුව ඔක්තෝබර් මසදී සංචාරකයින් 22,771ක්, නොවැම්බර් මසදී සංචාරකයින් 44,294 මෙන්ම දෙසැම්බර් සංචාරකයින් 89,506 දිවයිනට පැමිණ ඇති අතර සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ, නව වසරේ ගතවු දින 11ක කාලය තුළදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 31,688ක් බවය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button