GOSSIP NEWSVIRAL NEWS
ශ්‍රී ලංකා භූමියට තවත් හෙක්ටයාර 269ක් එක් වූ හැටි.!

ශ්‍රී ලංකා සිතියම වෙනස් කරමින් කොළඹ වරාය නගර භූමිය නිල වශයෙන් ශ්‍රී ලංකා භූමියට එකතු කිරීම ඊයේ (07) දින සිදුවිය. ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
මේ හරහා ශ්‍රී ලංකා භූමියට අලුතින් හෙක්ටයාර 269ක් එක්විය. මේ සමගම වරාය නගර භූමියේ ඉඩම් ව්‍යාපාර කටයුතු සඳහා බදු පදනම යටතේ ලබාදීමට ශ්‍රී ලංකා රජයට අවස්ථාව හිමිවෙයි.
චීනයේ පෝර්ට් සිටි කලම්බෝ සමාගම මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් ආයෝජනය කළ අතර එය මෙරට සිදුකළ විශාලම සෘජු විදේශ ආයෝජනය ලෙස සැලෙකයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එවකට ජනපති ධුරය දරණ සමයේදී 2014 වසරේ සැප්තැම්බර් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ අතර චීන ජනපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් එම ඉදිකිරීම් ආරම්භ කරනු ලැබීය.