BREAKING NEWSEXCLUSIVE

ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් ඉවත් වෙන්න ශ්‍රී ලංකාව සළකා බලයි

ශ්‍රී ලංකාවට එරෙහිව දිගින් දිගටම අතපෙවීම් හා බලපෑම් සිදු කරනා ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් ඉවත් වීම පිළිබඳ නව රජය සලකා බලමින් සිටියි.

ඒ ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හා ස්වාධීනත්වයට එරෙහි තීරණ දිගින් දිගටම ගන්නේ නම් ජිනීවා මානව හිමිකම් කොමිසමේ සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් විය යුතු බවට ප‍්‍රධාන පෙළේ සංවිධාන කිහිපයක්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යෝජනා කිරීමෙන් අනතුරුවය.

රජයට සමීප ආරංචි මාර්ග වාර්තා කරන්නේ තමන් ඒ ගැන දැඩිව අධ්‍යනය කරන බව ජනාධිපතිවරයා විසින් එම සංවිධාන වෙත පවසා ඇති බවය.

පසුගිය රජය විසින් ජිනීවාහිදී සම අනුග්‍රහය දැක්වන ලද යෝජනාවලියෙන් ශ්‍රී ලංකා රජය ඉවත්වීම සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයා දැඩිව දොස් පවරමින් අදහස් පළ කරන ලදී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button