BREAKING NEWSEXCLUSIVEOTHERSPORTS

ශ්‍රීලංකා වොලිබෝල් කණ්ඩායමට විශේෂ ජයක්..

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම ඊයේ (14) දිනයේ උස්බෙකිස්තානය 3-0ක් (25/23 – 25/13 – 25/2) ලෙස පරාජය කර විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කලා.

එම ජයග්‍රහණයත් සමග එළඹෙන සැප්තැම්බර් මාසයේ ජපානයේ පැවැත්වෙන ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලියට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වනවා.

මම තරගය පුරාවට විශේෂයෙන් ශ්‍රී ලාංකික සුපිරි ක්‍රීඩික ජනිතගේ සුපුරුදු ක්‍රීඩා විලාසය සජීවීව දැකගත හැකි විය. ජනිත් හට විශාල සහයෝගයක් ලබා දුන් තාරුෂ සහ මහේල යන ක්‍රීඩකයන් සිය වගකීම් ඉටු කරමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළා.

නිලංකා සංජය ක්‍රීඩකයාගේ විශිෂ්ඨ පන්දු ඔසවාදීම් කිහිපයකට වේගවත් කෙටි පන්දු පහර එල්ල විය. අයේෂ් සහ ෂමිල් යන ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ ලකුණු පුවරුව ජයග්‍රහණය කරා මෙහෙයවීමට කැපවී සිටියා.
විශේෂයෙන් අයේෂ්ගේ ඉතා ඉහළ ආවරණ තුලට උස්බෙකිස්තාන් ක්‍රීඩකයින් හසු වන ආකාරයද දැක ගත හැකි විය.

ලිබෙරෝ ක්‍රීඩක ලක්මාල් ද විශිෂ්ට පන්දු කිහිපයක් සමගින් ජයග්‍රහණය පිටුපස සිටි අමතක නොවන ක්‍රීඩකයෙකි.

තරගය පැවතියේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button