BREAKING NEWSEXCLUSIVE

එන්නත්කරණ විශේෂ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපතිතුමාගේ උපදෙස් මත දිවයිනේ මධ්‍යස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළ අද ආරම්භ වනවා.
මේ වනවිටත් එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත විශාල පිරිසක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය අංශ මගින් ක්‍රියාත්මක කරන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්ෂම සහ විධිමත් කිරීම මෙහි අරමුණයි. බස්නාහිර පළාතේ මෙම එන්නත්කරණ විශේෂ මධ්‍යස්ථාන හතරක් පිහිටුවා තිබෙනවා.

ඒ අනුව පනාගොඩ බෝධිරාජාරාමය , නාරාහේන්පිට යුද හමුදා රෝහල , බත්තරමුල්ල දියත උයන , වේරහැර පළමුවන වෛද්‍ය බලකා කදවුරු යන ස්ථානවලදී එන්නත් ලබාගත හැකියි.

බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි ඔ්නෑම පුද්ගලයෙකුට එන්නත් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ අනුව සතියේ දිනවල උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක අතර තම අනන්‍යතවා සහතික කිරීම අත්‍යවශ්‍ය වනවා.

මේ අතර තවත් දිස්ත්‍රික් කිහිපයකදීම එන්නත්කරණ විශේෂ වැඩසටහන ක්‍රියාත්මක වන අතර එම දිස්ත්‍රික්වල එන්නත ලබා දෙන්නේ 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පමණයි. ඒ අනුව ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය , මාතර මහින්ද රාජපක්ෂ විදයාලය , බදුල්ල ආරක්ෂක සේනා මූලස්ථානය දියතලාව , අනුරාධපුර යුද හමුදා රෝහල , පොලොන්නරුව පාබල පුහුණු මධ්‍යස්ථානය මින්නේරිය , කිලිනොච්චි යුද හමුදා රෝහල, මුලතිව් දෙමළ විද්‍යාලය , පුදුකුඩිරිප්පු මන්නාරම ආයෝජන මණ්ඩල ගොඩනැගිල්ල යන ස්ථානවලදී එන්නත්කරණ කටයුතු සිදු කෙරෙනවා.

ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය සහ අනෙකුත් යුද හමුදා බට පිරිස් වැඩපිළිවෙළ සඳහා දායකත්වය ලබා දෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button