BREAKING NEWSEXCLUSIVE
අලුත් අවුරුදු නිවාඩුවට නිවෙස් බලා ගිය ජනතාවට නැවත පැමිණීමට විශේෂ ප්‍රවාහන සේවා

අන්තර් පළාත් ධාවනය සදහා බස් රථ 300ක් පමණ එක් කෙරුණු බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළා. ගම් බිම් බලා ගිය ජනතාවට යළි පැමිණීමට සියලුම පළාත් ආවරණයවන පරිදි විශේෂ බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කෙරේ. ඒ වෙනුවෙන් කොටුව ප්‍රධාන කාර්යාලයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ද පිහිටුවා තිබේ.
ලංගම සභාපති කිංස්ලි රණවක මහතා කියාසිටියේ, සාමාන්‍ය බස්රථ සංඛ්‍යාවට අමතරව 1,500ක පමණ බස්රථ සංඛ්‍යාවක් අන්තර් පළාත් ධාවනයට යෙදවීමට පියවර ගෙන ඇති බවය. හදිසි අවස්ථාවන්වලදී, ගම්බිම් බලා ගිය ජනතාව නැවත ගෙන්වා ගැනීමට තවත් බස්රථ 600ක් පමණ වෙන් කර ඇත.