BREAKING NEWSEXCLUSIVEPOLITICS

අද බලශක්ති ඇමති ගම්මන්පිලගෙන් විශේෂ ප්‍රකාශයක්..!

අද දිනයේදී පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් අවසර ඉල්ලා තිබෙන බවට වාර්තා වනවා.

ඊට අදාළ ලිපිය ගම්මන්පිල මහතා විසින් මේ වනවිටත් මහලේකම්වරයා වෙත යොමු කර ඇති බවද දැනගන්නට ඇත.

ඊයේ පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගම්මන්පිල මහතාට ආණ්ඩුමේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි ප්‍රහාරයක් එල්ල වූ අතර පසුපෙළ මන්ත්‍රීවරුන් ගම්මන්පිල මහතාගේ ප්‍රකාශයන් විවේචනය කරමින් අදහස් පළ කළ ආකාරයක්ද අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කලා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button