LTTE ය අතහැර දමා ගිය පුපුරන ද්‍රව්‍ය එකතු කරමින් මසුන් ඇල්ලීමට යොදාගත් කිළිනොච්චියේ පවුලක් ගැන හෙළිවේ..!

කිලිනොච්චිය නයාගපුරම් ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 61 සහ පුද්ගල නාශක බිම්බෝම්බ 2ක් සොයා ගැනීමට හැකිවී තිබෙනවා.
අද (07) පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම උණ්ඩ හා පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන තිබේ.
මෝටාර් උණ්ඩවල ඇති පුපුරණ ද්‍රව්‍ය ලබාගැනීම සඳහා ග්‍රයින්ඩරයක් භාවිතා කරමින් කපා පුපුරණ ද්‍රව්‍ය පිටතට ගැනීමට උත්සහ කිරීමේදී පසුගිය 05 වනදා එම නිවසේ දී පිපිරීමක් සිදුවිය.අදාළ පිපිරීමෙන් 24 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්වු අතර, 13 හැවිරිදි දරුවෙකු තුවාල ලබා තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ, එම පුද්ගලයින් විසින් දීර්ඝකාලයක සිට යුද සමයේදී LTTE ත්රස්තවාදීන් විසින් කැලෑබද ප්‍රදේශවල අතහැර දමා යන ලද උණ්ඩ හා පුපුරණ ද්‍රව්‍ය රැගෙන විත් එම පුපුරණ ද්‍රව්‍ය මසුන් අල්ලාගැනීමට යොදාගන්නා බවය. ඔවුන් සෑහෙන කාලයක පටන් මෙම ආකාරයට මසුන් ඇල්ලීම සිදුකර ඇති බවද වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කිලිනොච්චිය පොලීසිය විසින් සිදුකරනු ලබනවා