BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

නිවෙස්වල රැදී සිටින කොවිඩ් රෝගින් වෙනුවෙන් විශේෂ අංකයක්- “1906”

කොරෝනා වෛරසය ආසාදනය වී මේ දක්වා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් නොමැති පුද්ගලයන් පිලිබද දැනුම් දීමට නව දුරකතන අංකයක් හදුන්වා දී තිබෙනවා.

1906 එම විශේෂ දුරකථන අංකයයි.

COVID-19 රෝගීන් රෝහල් හෝ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර නොමැති බවට පැමිණිලි ලැබී තිබීම හේතුවෙන් එසේ නිවසේ රැඳී සිටින රෝගීන් පිළිබඳ තොරතුරු සැපයීම සඳහා මෙම විශේෂ දුරකථන අංකය හඳුන්වා දුන් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (03) ප්‍රකාශ කලා.

1906 නව දුරකථන අංකයට දැනුම් දීමෙන් COVID-19 රෝගීන්ව, සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණය වෙමින් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යැවීමට අවශ්‍ය පියවර ගන්නා බවයි යුද හමුදාපතිවරයා සඳහන් කලේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button