BREAKING NEWSEXCLUSIVE

කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් අයගේ විශේෂ ලයිස්තුවක්…

මෙරට කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ලබාදෙන කොවිශීල්ඩ් (ඇස්ට්‍රසෙනෙකා), ස්පුට්නික් V, මොඩර්නා, සයිනෝෆාම් සහ ෆයිසර් යන එන්නත්වලින් එක එන්නතක් හෝ ලබා නොගත් පුද්ගලයින්ගේ නම් විශේෂ ලැයිස්තුවකට ඇතුළත් කිරීමට සුදානම් වෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝගයක් අනුව සෞඛ්‍ය හා ග්‍රාමීය කමිටු මාර්ගයෙන් ග්‍රාම සේවා වසම් 14000 තුළ සිටින කිසිදු එන්නතක් ලබා නොගත් පුද්ගලයින් පිළිබඳව සොයා මෙම ලැයිස්තුව සකස් කිරීමට නියමිතයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් කාර්ය සාධක බලකායේ සාකච්ඡාවකදී මෙම නියෝගය ලබාදී තිබෙනවා.

ලබන සැප්තැම්බර් මාසය වන විට මෙරට එන්නත්කරණය සම්පුර්ණ කිරීමට රජය අපේක්ෂාවෙන් සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button