BREAKING NEWSEXCLUSIVE

ෆයිසර් එන්නත කොළඹට – හොරෙන් හෝ එන්නත ලබා ගන්න කොළඹ ධනවතුන් පෝළිමේ

ඇමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඒ රජය විසින් දියත් කරන එන්නත්කරණ වැඩපිළිවෙලේ අංගයක් ලෙසටයි.

මේ අනුව ෆයිසර් එන්නත භාවිතා කරන දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛතම රටක් බවට පත්වෙමින් අද උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් එන්නත් තොගයක් මෙරටට ගෙන ආවා.

මෙවන් පසුබිමක කොළඹ නගරයේ ධනවත් පවුල් වල බොහෝ දෙනෙක් ෆයිසර් එන්නත ලබා ගැනීමට උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ. සිය හිතවත් වෛද්‍යවරුන්ට සහ රාජ්‍ය නිළධාරීන්ට දුරකථනයෙන් අමතමින් ඔවුන් ෆයිසර් එන්නත මුදලට හෝ ලබා ගැනීමට හෝ සුදානම් බව ප්‍රකාශ කරන බවත් වාර්තා වේ.

මේ තත්ත්වය කෙරෙහි ජනපතිවරයාගේ පවා අවදානය යොමුව තිබෙන බව සඳහන්. මේ අනුව ෆයිසර් එන්නත අවභාවිතා වනවාදැයි සොයා බැලීමට විශේෂ බුද්ධි අංශ කණ්ඩායමකුත් අනුයුක්ත කර තිබෙන බවත් වාර්තා වේ.

එම බුද්ධි අංශ කණ්ඩායමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙන්නේ සෑම එන්නතක් පිළිබඳවම ලොග් වාර්තා ලබා ගන්නා ලෙසත්, එන්නත ලබාගත් පුද්ගලයන්ගේ නිවෙස් වලටම ගොස් සොයාබලන ලෙසත්ය. එක් එන්නතක් හෝ අවභාවිතා වී තිබුනහොත් ඒ සඳහා වගකිවයුත්තන් පිළිබඳව තමන් දැනුවත් කරන ලෙසත් ජනපතිවරයා විශේෂ බුද්ධි අංශ කණ්ඩායමට නියෝග කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button