BREAKING NEWSEXCLUSIVE

කොරෝනා වෛරසය පිළිබඳ රජයෙන් හදිසි නිවේදනයක්.! (Breaking News)

කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළත් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඒ පිළිබඳව රජය විසින් හදිසි නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් රජය අවදාරණය කරන්නේ කොරෝනා වෛරසයෙන් වැළකීම සඳහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහාය වන ලෙසය.

මේ පිළිබඳව දැනුම් දෙමින් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් විශේෂ නිවේදනයක් මෙම නිවේදනය අද (11) ස්වල්ප මොහොතකට පෙර නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් හඳුනා ගත් පළමු කොරෝනා රෝගියා මේ වන විට නිරෝධායනයට ලක් කර ප්‍රතිකාර ආරම්භ කර ඇති අතර ඔහු 52 හැවිරිදි ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමකට මග පෙන්වන්නකු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකි.

එම ශ්‍රී ලාංකියා ඇතුළු සංචාරක කණ්ඩායම ගමන් ගත් ස්ථාන හා ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමද ආරම්භ කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල නිවේදයේ දැක්වෙනවා.

ශ්‍රී ලංකාව තුළ කෙරෝනා වෛරසය වැළැක්වීමට රජය විධිමත් සැලැස්මක් සහිතව පුළුල් වැඩසටහනක් ආරම්භ කර ඇති නිසා ඊට පූර්ණ සහය ලබා දෙන්නැයි විදේශගතව පැමිණෙන පිරිසගෙන් සහ ශ්‍රී ලාංකික ජනතාවගේ රජය ඉල්ලා සිටින බව එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button