BREAKING NEWSEXCLUSIVE

නව විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට විශේෂ ගැසට් නිවේදනයක්

ලබන අගෝස්තු මස 1 දා සිට ක්‍රියාත්මක වන පරිදි වවුනියාව විශ්ව විද්‍යාලය නමින් නව විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විශ්වවිද්‍යාල පනතේ බලතල ප්‍රකාරව අ්‍යාපන අමාත්‍ය මහා මහාචාර්ය ජී එල් පීරිස් මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

ඒ අනුව යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියා මණ්ඩපය ජූලි 31 වන දින සිට අවලංගු කෙරෙන බවද එම ගැසට් නිවේදනය සඳහන්.

වව්නියාව නව විශ්ව විද්‍යාලය ව්‍යාපාර අධ්‍යයනය, වහාරික විද්‍යාව සහ තාක්ෂණික අධය්‍යන ශාඛාවන්හි උසස් අධ්‍යාපනය ලබාදීමේ, ප්‍රවර්ධනය කිරීමේ හා වැඩි වැඩිදියුණු කිරීමේ කාර්යයන් සඳහා ස්ථාපිත කෙරෙනවා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button