රජයේ කොවිඩ් පාලනය ගැන ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයාගෙන් විශේෂ ඇගයීමක්..!

බොහෝ කර්මාන්ත සහ ව්‍යාපාර ආයතන පසුගිය කාලයේ ලාභ ලැබීමට හේතුවූයේ කොරෝනා වසංගතය මනා ලෙස පාලනය කිරීම නිසා බව ප්රමුඛ ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කරනවා.
අද (21) පෙරවරුවේ මෙරට ව්‍යවසායකයින් සහ ජනපතිවරයා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ඔහු මෙ බව සදහන් කලා.
“ජනාධිපතිතුමනි බොහෝම ස්තූතියි මේ කොවිඩ් මැනේජ්මන්ට් එකට. දැන් මෙතුමා කිව්ව ප්‍රොෆිට් ඔක්කොම හම්බවුනේ ඒ විදියට කොවිඩ් මැනේජ් කරපු හින්දා. මොකද ඒ විදියට කොවිඩ් මැනේජ් නොකලා නම්. ඒ කම්පනි එකකටවත් ඒ වගේ වෙන්නෙත් නෑ. ඒ වගේමයි අපිට පිටරටවල ඕඩර්ස් වැඩිපුර එන්නෙත් අනිත් රටවල් හරියට කොවිඩ් මැනේජ් නොකරපු හින්ද තමයි ඇත්තටම ඒ ඕඩර්ස් ටික ගැලවිලා ලංකාව වගේ රටකට ආවේ. නැත්නම් මෙච්චර කලකට එහෙම තිබුනේ නෑ. එතකොට දැන් වෙන අවුරුදුවල ඉම්පෝර්ට් කරපු බිල්වල එක වැඩිවෙන්න හේතුවක් තමයි දැන් ගිය අවුරුද්දේ එහෙම බැලුවොත් මේ කම්පනි වල මැෂිනරීස් ඒ කියන්නේ ඉක්විප්මන්ට් වගේ ඒවා බිලියන 4ක පමණ ආනයනය කරලා තියෙනවා. ඉතින් ඒක හින්දා මේ අවුරුද්දේ ඒ වගේ දේවලුත් තියෙනවා ඒක සංසන්දනය කළොත් පහුගිය අවුරුද්දත් එක්ක එතන බිලියන තුනක්. ඒ කියන්නේ ප්‍රාග්ධන භාණ්ඩ ආනයනය බිලියනයකින් වැඩිවෙලා තියෙනවා. මම හිතන්නේ ඒකෙ රිසාල්ට් එක එන්න මේ අවුරුද්දයි ලබන අවුරුද්දයි වෙයි දැන් මෙෂිනරීස් සවිකරගෙන යන හින්දා කම්පනිස්වල.”