BREAKING NEWSEXCLUSIVE

පාර්ලිමේන්තුව අසල යුධහමුදා යතුරු පැදි සහ පොලිසියේ ගැටුම සම්බන්ධව විශේෂ නිවේදනයක්..

පාර්ලිමේන්තුව අසල මාර්ග බාධකයේදී ඊයේ (05) ඇතිවූ යතුරුපැදි සම්බන්ධ සිද්ධිය පිළිබඳව පොලිස්පතිවරයා විසින් කනගාටුව ප්‍රකාශ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් සිටිනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවත් විමර්ශන ප්‍රගතිය අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා විසින් අදාළ සිද්ධිය පොලිස්පතිවරයාගේ අවධානයට යොමු කරමින් ඊයේ නිවේදනයක් නිකුත් කර තිබුණා.

එහි දක්වා තිබුණේ 5වනදා පස්වරුවේ යුද හමුදාවේ යතුරුපැදි ඒකකයේ සිව්දෙනෙකු පාර්ලිමේන්තු සංකීර්ණය අසල මාර්ග බාධකයක් වෙත පැමිණි අවස්ථාවේ ඔවුන්ට සුදුසු නොවන ආකාරයෙන් හැසිරුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් සිදුකොට අදාළ නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන ලෙසය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button