BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

කොරෝනා නීති කැඩුවොත් දැඩි දඬුවම්

බස්නාහිර පළාත තුළ මහජනයා නිසි ලෙස සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදින්නේ ද යන්න පරීක්ෂා කිරීමට හා සෞඛ්‍යාරක්ෂිත උපදෙස් දැඩි ලෙස උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව පියවර ගැනීම සඳහා පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (10) දින පස්වරු 1 සිට පස්වරු 3 දක්වා කාලය තුළ ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුම මගින් මගී ප්‍රවාහන බස්‍ රථවල ආසන ධාරිතාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන්නේ ද යන්න පරීක්ෂා කිරීම සහ ආදී බොහෝ දේ යටතේ මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වුණා.

මෙම විශේෂ මෙහෙයුම් පොලිස් නිලධාරීන් 437 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදු කරන ලද අතර, එහිදී මගී ප්‍රවාහන බස් රථ 998ක් හා වයුසමනය කළ බස්‍ රථ 207ක් සහ සිල්ලර වෙළෙඳසැල් , ඔසුසැල් සහ වෙනත් කුඩා වෙළෙඳසැල් 1290ක් ද මෙහිදී දැඩි සෝදිසි කිරීම්වලට හසු වූ බවයි පොලිස් මාධ්‍ය අංශය පවසන්නේ.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසළකා ක්‍රියා කළ මගී ප්‍රවාහන බස් රථ 369කට සහ වායුසමනය කළ බස් රථ 67කට සහ රියැදුරන් සඳහා ද වෙළෙඳසැල් 581ක් සඳහා ද පොලීසිය විසින් දැඩි අවවාද කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button