නිවෙස්ගත රෝගීන්ට විශේෂ නිවේදනයක්..!

කොවිඩ් ආසාදිතව නිවෙස්ගත වී සිටින පුද්ගලයින්ට බරපතළ රෝගාබාධ නොමැති නම් වෛද්‍ය උපදෙස් පැතීමේ අවශ්‍යතාවක් නොමැති බව ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍ය සරත් ගාමිණි ද සිල්වා මහතා සඳහන් කරනවා.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරයා,
“ඕනෑම රෝග අවස්ථාවක ප්‍රධාන කරුණ තමයි විවේකයෙන් සිටීම. තමන් වෙනදා කරන බර වැඩ කිරීම, අනවශ්‍ය ලෙස එහා මෙහා යෑම ආදියෙන් වැළකී සිටිම ඉතා වැදගත්. ඊළඟට හැකි පමණ දියර පානය කිරීම. ඕනෑම වර්ගයක් අඩුම ගානේ දිනකට ලීටර 2ක් වත් වැඩිහිටියෙක් ගත යුතු වෙනවා. දින තුන හතරක් යනකොට රෝග තත්ත්වය ක්‍රමක් ක්‍රමයෙන් අඩුවෙනවා. ඒ කාලේ ඇතුළත පරිස්සම් වෙලා ඉන්න ඕනේ. ඊට පස්සේ දිගින් දිගටම තද උණ තියේ නම්, හිසරදය වැඩි නම්, වමනය හෝ වෙනත් රෝගී තත්ත්වයක් නම්, ආහාර හෝ දියර වර්ග ගැනීම අපහසු වෙනවා නම් ඒ අවස්ථාවේ දී වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්. ඒ ඇරෙන්න වෛද්‍යවරුන් හමුවීම අවශ්‍ය නෑ.”
යළිත් වරක් මෙරට දෛනික කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. ගත වූ දින දෙක තුළ පමණක් කොවිඩ් ආසාදිත මරණ 71ක් සිදුව ඇති බව වාර්තා වනවා.
පෙබරවාරි මස 07 වන දින කොවිඩ් මරණ 35ක් සිදුව ඇති අතර පෙරේදා දිනයේ කොවිඩ් මරණ 36ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,692ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.