BREAKING NEWSEXCLUSIVE

දකුණු ආසියාවේ විශාලතම වකුගඩු  රෝහල අද ජනතා අයිතියට..

දකුණු ආසියාවේ විශාලතම වකුගඩු  රෝහල හෙවත් ‘‘ජාතික වෘක්ෂවේද විශේෂිත රෝහල‘‘ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) ජනතා අයිතියට පත් කරන බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා ප්‍රකාශ කලා.

චීන රජයයේ පරිත්‍යාගයකට අනූව ඉදිවුන මෙම රෝහල රුපියල් කෝටි 1200 ක වියදමින් ඉදිකර ඇති අතර මෙය ඇඳන් 200කින් හා රුධිර කාන්දුකරන ඇඳන් 100ක් අධි තාක්ෂණයෙන් යුත් ශල්‍යාගාර 5ක් හා දැඩි සත්කාර ඒකක දෙකකින් සමන්විත බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා සදහන් කර සිටිනවා.

නවීන තාක්ෂණයෙන් යුත් බාහිර හා නේවාසික ප්‍රතිකාර ඒකක සහිතව ඉදිකෙරෙන මෙම රෝහලේ කාර්ය මණ්ඩලයට අංග සම්පූර්ණ නේවාසික පහසුකම්වලින් යුක්තය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button