GOSSIP NEWSVIRAL NEWS

ක්‍රිකට් පරිපාලනයේ වරදින් ක්‍රිකට් රසිකයන්ට සූරියවැවේදි පොලීසියෙන් ප්‍රහාරයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (26 වැනිදා) සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේ ප්‍රවේශපත් නිකුත් කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවුණා.

තරගය නැරඹීමට පැමිණි පිරිසට සාපේක්ෂව ප්‍රවේශපත් නිකුත් කිරීමේ කවුළුවේ ප්‍රමාණවත් සේවකයින් පිරිසක් නොසිටීම මෙයට ප්‍රධාන හේතුව වුණා.

ක්‍රිකට් ආයතනය විසින් ප්‍රවේශපත්‍ නිකුත් කිරීමේදි කිසිඳු සංවිධානාත්මක කටයුත්තක් සිදුව තිබුනේ නැහැ.

මේ හේතුව නිසා ඇතිවූ නොසංසුන්කාරී තත්ත්වය පාලනය කිරීමට පොලිසියට සහ යුද හමුදා සෙබළුන්ටද මැදිහත් වීමට සිදු වූ අතර, එහිදී ඇතැම් ප්‍රේක්ෂකයින්ට ඔවුන්ගේ ප්‍රහාරයන්ට ලක්වීමටද සිදු වුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button