BREAKING NEWSEXCLUSIVEOTHERPOLITICSSPORTSVIRAL NEWS

කවුරු හරි ඇමතිතුමාව නොමඟ යවලා ඒ කතාවෙන් මම අසරන වුනා – නිමාලි ලියනආරච්ව්

ලංකාවේ මලල ක්‍රීඩිකාව ඔලිම්පික් ගියේ සපත්තු දෙක ගෙදර තියා බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් කිසිවකු විසින් අමාත්‍යවරයා නොමග යවා ඇති බවත් මලල ක්‍රීඩිකා නිමාලි ලියනාරච්චි ප්‍රකාශ කරනවා.

“මම තරගවලට පාවිච්චි කරන එකම සපත්තු දෙක අරන් තමයි ඔලිම්පික් ගියේ. එතන වුණේ මගේ සල්ලිවලින් සපත්තු දෙකක් මිලදී ගන්න උත්සාහ කරලා බැරි වුණාම ඔලිම්පික් කමිටුවෙන් ඉල්ලීමක් කළා මට උදව් කරන්න කියලා. මම ඒකට සල්ලි දෙන්නම් කිව්වා. ‌මොකද ඔලිම්පික් ගම්මානයේ නිරෝධායන නීති නිසා අපිට එළියට යන්න බෑ. ඒ හින්දා මම ඔලිම්පික් කමිටුවට කිව්වා මම සල්ලි දෙන්නම මට උදව් කරන්න කියලා. ඒ අය මොනවා කිව්වද දන්නේ නෑ. හැබැයි අමැතිවරයා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයෙන් මම අසරණ වුණා. දැන් මට පාරේ බැහැලා යන්න බෑ. මිනිස්සු ඒ ගැන මගෙන් අහනවා. ෆේස්බුක් එකෙත් බොහෝ අය මම සල්ලි කාබාසිනියා කරනවා කියලා චෝදනා කරලා තිබුණා. රට වෙනුවෙන් පදක්කම් ගණනාවක් දිනා දුන්නු මම මේකෙන් ගොඩක්ම කලකිරීමට පත්වුණා. මම ඔලිම්පිකි නෙමෙයි කොහේ තරගයකට ගියත් ඉස්සෙල්ලාම සූදානම් කරගන්නේ සපත්තු දෙක. ඒක මගේ අතේ අරන් යන බෑග් එකෙයි අරගෙන යන්නේ. මොකද සපත්තු නැතිව මට ක්‍රීඩා කරන්න බෑනෙ. ඇත්තටම මම රට වෙනුවෙන් පදක්කම් ගණනාවක් දිනාගෙන රටට ගෞරවයක් ගෙනාපු ක්‍රීඩිකාවක්. ඇමතිවරයා චෝදනා කරල තිබ්බා අපේ රටේ පුහුණුකරුවන් ක්‍රිඩකයන්ව පුහුණු කරන්නේ ජාතික මට්ටමේ තරඟ දිනන්න විතරයි කියලා. නමුත් මේ පුහුණුකරුවන්ගෙන් පුහුණුව ලබා ජාත්‍යන්තර තරඟවල ජයග්‍රහණ ලැබූ ක්‍රිඩක ක්‍රිඩිකාවන් රාශියක් ඉන්නවා.”

කොහොම වුණත් නාමල් ඇමැතිතුමා අපිට ඔලිම්පික් යන්න සියලු පහසුකම් සලසලා දුන්නා. ටෝකියෝ යන්න කලින් කොළඹ තරුපහේ හෝටලයක නිරෝධායන පහසුකම් සලසලා දුන්නා. ඒ සියල්ලට අපි එතුමාට අපි කෘතඥ වෙනවා…”’ යැයිද නිමාලි මාධ්‍ය වෙත සදහන් කර තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button