BREAKING NEWSEXCLUSIVE

සෝමාවතිය සහ රිදී විහාරය පුරාවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථාන ලෙස නම් කෙරේ

131 වෙනි ජාතික පුරාවිද්‍යා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ජාතික උත්සවයේදී සෝමාවතිය සහ රිදී විහාරය පුරාවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථාන ලෙස නම් කිරීම සිදු වුණා.

එහිදී සෝමාවතිය රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුනේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේට හා රිදී විහාරයේ විහාරාධිපති පූජ්‍ය තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේට අදාළ සන්නස්පත්‍ර පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිදු වුණා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව වෙබ් අඩවියද මෙහිදී අන්තර්ජාලයට එක් කළා.

තවද රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක හා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග යන මහත්වරුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව ප්‍රකාශන ග්‍රන්ථ 14 ක් ජනාධිපතිතුමාට හා අග්‍රාමාත්‍යවරයාට පිළිගන්වනු ලැබු අතර පරම්පරා හතරක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කළ සේවය අගයමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් සීගිරිය තල්කොටේ අලුත්ගෙදර පරපුරට සම්මාන හා සහතික ප්‍රදානය කෙරුණා.

අභිනව පුරාවිද්‍යා සොයා ගැනීම් ඇගයීමට ලක් කරමින් මැටි පුවරු ද්විත්වයක් බුදුගල පුරාවිද්‍යා ස්ථානයෙන් සොයා ගත් නිමල් කරුණාතිලක මහතාට සහ මෙතෙක් නොදැන සිටි ආදිකාලීන ලෙන් චිත්‍ර සමූහයක් සොයා ගත් ඕ ආර් ජයතිලක හා තනුජා දර්ශනී අමරතුංග යන මහත්ම මහත්මීන්ට සම්මාන හා සහතික ප්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු වුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button